මහා භාණ්ඩාගාරය පිරි ඉතිරී ගියත් සාමාන්‍ය ජනතාව තවත් අසරණ කරමින් ඔවුන්ගෙන් අයකරන වක්‍ර බද්ද සියයට 77.4 දක්වා ඉහළ දමා තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ අද (20) ප්‍රකාශ කළේය.
2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ කබීර් හෂීම් මහතා,
“අයවැය ඉදිරිපත් කරනවිට රටේ දුප්පත්කම ඉහළ ගොස් තිබෙනවා. ජනතාවගේ මාසික වියදම පියවා ගන්න ආදායම ප්‍රමාණවත් නැහැ. දුප්පත් ජනතාව ජීවත් වෙන්න ණය ගන්න සිදුව තිබෙනවා. රත්රන් බඩු උකස් කරලා රුපියල් කෝටි 25000 ක ණය ලබාගෙන තිබෙනවා. විධිමත් ණයක් ගන්න නොහැකි කෙනෙකුට රත්රන් බඩු උකස් තියලා සල්ලි ගන්නවා. දුප්පත් පවුල්වල තවත් අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මේක මහපොලොවේ යථාර්ථය. ඒ නිසා මේ තත්ත්වය බලනවිට ආණ්ඩුව අසමත් කියා කියන්න පුළුවන්. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති අසමත්. අද මරාල බද්ද හා සමනා බද්දක් අයකරනවා. ජනතාවගෙන් හැම පැත්තෙන්ම බදු අයකරනවා. රජ කාලයේ අමානුෂික ලෙස බදු අයකර තිබෙනවා. එක එක දේවලට බදු අයකර තිබෙනවා. මේ වසරරේ බදුවල සියයට 26 ක වර්ධනයක් තිබෙනවා.
බදු ආදායම වැඩිවීමට කරුණු රැසක් බලපා තිබෙනවා. ආදායම් මට්ටම බලන්නේ නැතිව බදු අයකරනවා. මෙහි වැඩිබරක් උසුළන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. අද වනවිට රජයේ වක්‍ර බදු ප්‍රමාණය සියයට 77.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද සමාජ අසාධාරණත්වයක් තිබෙනවාත. එහි පරතරය ඉහළ ගොස් තිබෙනවා. අධි සුඛෝපභෝගී වාහන රැසක් පසුගිය කාලයේ මෙරටට පැමිණියා. මේවා ගෙනත් තිබෙන්නේ කොහොමද. සියයට 15 ක බදු සහන ලබාදී තිබෙනවා. රුපියල් ලක්ෂ 3500 – 5000 දක්වා ඉහළ වටිනාකමක් සහිත වාහන ගෙනවිත් තිබෙනවා. පැලවත්තට ලැම්බෝගිනි වුණත් මේ රටේ ජනතාවට බඩගිනි කියලා කියන්න වෙනවා. සංඛ්‍යා ලේඛනවලින් ඉස්සරහට ගියාට මිනිස්සු ඉස්සරහට යන්නේ නැහැ. තරුණ පිරිසෙන් වැඩි පිරිසක් පසුගිය කාලයේ ආණ්ඩුවට ඡන්දය ලබාදුන්නා. ආණ්ඩුවේ සටන් පාඨවලට වශී වුණා. ඒවාට ප්‍රතිපත්තියක් නොමැති බවට ඔවුන් දන්නේ නැහැ.
අලුතින් ඡන්දය දෙන ලක්ෂ 12 ක් මාලිමාවට ඡන්දය දුන්නා. නමුත් ආණ්ඩුව අයවැය තුනක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ අලුතින් රැකියා හදනවා වෙනුවට තිබෙන රැකියා නැතිවෙන එකයි. අද ජනතාවට මොනතරම් ප්‍රශ්න තිබෙනවාද. දත්ත වලින් ආර්ථිකය හොඳ වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවට අභියෝග තිබෙනවා. ජනාධිපතිවරයා අයවැයේ දී ධනාත්මක යෝජනා ඉදිරිපත් කළා. ඒවා මහ පොලොවේ ප්‍රායෝගිකව සිදුවෙනවා ද යන්න සොයා බැලිය යුතු වෙනවා. අපිට විවිධ මත දරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ අදහස අගය කරනවා. කිසිසේත් පිරිහීමට නොගොස් සමගියෙන් සාකච්ඡා කොට අපි සියල්ල කටයුතු කළයුතු වෙනවා. ඒ් ඉඩ ජනතා විමුක්ති පෙරමුණට හදන්න පුළුවන් ද කියන ගැටළුව තිබෙනවා” පැවසීය.






















