Tuesday, September 22, 2026
HomeNEWSමංගල උත්සව හා ප්‍රියසාද නිවෙස්වල පැවැත්වීමත් තහනම් -යුද හමුදාපති

මංගල උත්සව හා ප්‍රියසාද නිවෙස්වල පැවැත්වීමත් තහනම් -යුද හමුදාපති

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

“උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස්වල පැවැත්වීමට කටයුතු කරගෙන යන බවට. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව කුමන ස්ථානයක හෝ කිරීම තහනම් කරන්න හේතු වුණේ රටේ පවතින කොවිඩ් තත්ත්වය මත. යම් අයෙක් එවැනි උත්සව තම නිවසේ පවත්වන කටයුතු කිරීම තුළින් කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.“

මේ අතර, ප්‍රිය සම්භාෂණ හෝ උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img