Thursday, November 12, 2026
HomeNEWSමනුෂගෙන් යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක්.

මනුෂගෙන් යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක්.

සංහිදියාවේ දෑත් දිගුකරමින් ග්ලෝකල් ෆෙයාර් 2023 රැගෙන යාපනයට ගිය මනුෂගෙන් යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරව කටයුතු කළ ඇමැතිවරු තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයේ පුහුණු මධ්‍යස්ථාන සහිත ප්‍රාදේශීය කාර්යාල ඉදි කළත්, තමන් එසේ නොකර යාපනයට පුහුණු මධ්‍යස්ථානයක් සහ ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවෙසුවේය.

යාපනය මුට්‍රවේදි ක්‍රීඩාංගනයේදී 15 සහ 16 යන දි දෙකේදී පැවැත්වෙන ග්ලෝකල් ෆෙයාර් 2023ට සමගාමීව යාපනයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගොස් වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් හමුවීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ඔවුන් සමග දීර්ඝ වේලාවක් සුහද කතාබහක යෙදුන අතර සෙල්ෆි ඡායාරූප ගැනීමටද එක්විය.

ඉන් පසුව යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් හමුවීමට අමාත්‍යවරයා කටයුතු කළ අතර එහිදී අදහස් දක්වමින් යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යල සංකීර්ණයක් ලබාදීමට කටයතු කරන බව පැවසුවේය.

ඔහිදබ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

හෙටත් අනිද්දත් ග්ලෝකල් ෆෙයාර් 2023 වැඩසටහන කරලා ඉවර කළාට පස්සේ, කතා කරලා ඉවර වෙන වැඩක් කියලා සමහරුන්ට හිතෙන්න පුලුවන්. මම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගියා. තවත් තරුණ අය හමුවුනා. ඒ අය හමුවුනාම කියපු දේ තමයි යාපනයේ කැබිනට් ඇමැතිවරයෙක් දැක්කට පස්සේ දකුණේ කැබිනට් ඇමැතිවරයෙක් දැකපු පළවෙනි දවස කියලා. කතා කරපු පළවෙනි දවස. සෙල්ෆියක් ගහපු පළවෙනි දවස. ඒ කතා ඇහුනම, ඒ සහෝදරත්වය දැනුනම මම තීරණය කළා, ග්ලෝකල් ෆෙයාර් හෙටයි අනිද්දයි ක්‍රියාත්මක කරලා අවසන් නොකර, ගාල්ලට පුහුණු මධ්‍යස්ථානයක් හා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක් හදන්නේ නැතිව ඒක යාපනයට ලබාදෙන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අමාත්‍යාංශයේ ඉන්න වෙලාවේ තංගල්ලේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. තලතා අතුකෝරළ මහත්මිය රත්නපුරේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ඩිලාන් පෙරේරා ඇමැතිවෙලා ඉන්න වෙලාවේ ලොකු පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. දැන් මම මේ අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස සාම්ප්‍රදායිකව ඒ පුහුණු මධ්‍යස්ථානය ගාල්ලේ ආරම්භ කරන්න ඕන.

හැබැයි අර තරුණයින් සමග කතා කරලා ඒ තරුණයින්ගේ ආදරය දැනුනම ඒ පුහුණු මධ්‍යස්ථානය මගේ ඡන්ද දායකයින් ඉන්න ගාල්ලට අරගෙන යන්නේ නැතිව, සැබෑ සංහිදියාව අරගෙන උතුරට ඒ පුහුණු මධ්‍යස්ථානය අරගෙන එන්න මම තීරණය කළා.

ඒ අනුව දිසාපතිතුමාගෙන් මම යාපනය නගරය ආශ්‍රිතව ඉඩමක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඒ සදහා අවශ්‍ය අනුමැතීන් ලබාගෙන යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථිර මධයස්ථානයක් ආරම්භ කරනවා. උතුරේ තරුණ තරුණියන්ට විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණුව ලබාගැනීමට, විදේශ රැකියා අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙම පුහුණු මධ්‍යස්ථානය යාපනයේ අපි ඉදි කරනවා.

මෙහෙම කිව්වම මම දේශපාලනය කරන්නේ නැද්ද, අයිමත් ගාල්ලෙන් ඡන්දේ ඉල්ලන්නේ නැද්ද කියලා අහවි. හැබැයි දෙවුන්දර තුඩුවට කිට්ටුව ඉදලා පේදුරුතුඩුවට අපි මේ දෙන්නේ, පක්ෂ දේශපාලනය ගැන අපි හිතන්නේ නැති නිසා. අපි පටු පක්ෂ දේශපාලනය ගැන හිතන්නේ නැති නිසා තමයි රට ගිනි ගනිපු වෙලාවේ මේ වගකීම් හැම එකක්ම භාරගත්තේ.

මේ රට දියුණු කරන්න ඕන නම් පාට පක්ෂ ජාති කුල ආගම් භේධ පැත්තකට තියලා අපි හැමෝම එකට එකතු වෙන්න ඕන. 2048 දීවත් මේ රට දියුණු කර්න බැහැ, අපි අයිමත් මොනම හේතුවක් නිසාවත් බෙදුනොත්. හැම වෙලාවේම දේශපාලඥයින් අපි බෙදලා තමයි ඡන්ද අරගත්තේ. 56 දී සිංහල රාජ්‍ය භාෂාව කරන තැන ඉදලා, යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා හැම එකක්ම ඡන්ද ගැනීම වෙනුවෙන් කරපු දේවල් කියලා තමයි බොහෝ දෙනා කියන්නේ.

නැවත කිසිම වෙලාවක ජාති ආගම් විදියට බෙදලා දේශපාලනය කරන්න ඉඩ නොදී මේ රට හදන්න ඕන කියන මානසිකත්වයේ තමයි අපි ඉන්නේ. ඒ නිසයි අපි යාපනයට ඇවිත්, මේ අපේ යතාර්ථය ක්‍රියාවට නංවන්නේ. මේ වැඩපිළිවෙලට, තරුණ තරුණියන් දැනුවත් කරන වැඩපිළිවෙලට සහාය දෙන්න කියලා උතුරේ මාධ්‍ය ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img