සර්වපාක්ෂික ආණ්ඩුවක් යටතේ පිහිටුවන පාර්ලිමේන්තු මුදල් කාරක සභාවක් හරහා ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලට නායකත්වය දීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.
අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදියෙක් ඇසූ පැණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා.
ප්රශ්නය –
ඔබතුමාට යම් ඇරයුමක් ආවොත් මුදල් ඇමතිකම භාරගන්න කියලා ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරන්න වුනත් ලෑස්තියි ද ?
පිළිතුර –
“මම කැපකිරීමක් කරන්න ලෑස්තියි, නමුත් ඒක තමයි මම දිගින් දිගටම කිව්වේ. මොකද සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්න නම්. පක්ෂ හැටියට එකතුවෙන්න ඕන, පුද්ගලයෝ හැටියට එකතුවෙලා වැඩක් නෑ, හර්ෂ ද සිල්වා කියන පුද්ගලයාට වඩා අවශ්‍ය වෙන්නේ. පක්ෂයක් නියෝජනය කරමින් එන හර්ෂ ද සිල්වා. එහෙම තමයි සර්වපාක්ෂික ආණ්ඩු හදන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න තියෙන ගැටලුව තමයි ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට පුළුවන් නම් අද වුනත් කියන්න. මම 21 වන සංශෝධනය ගෙනල්ලා විධායක ජනාධිපති ක්රමයේ බලතල සම්පූර්ණයෙන්ම අඩු කරන්න අර ගැසට් කරලා තියෙන සංශෝධනයට මම එකඟයි කියලා. එහෙමනම් ඒකට කාලවකවානුවක් දුන්ණොත්. අන්න එහෙම නම් ජනාධිපතිවරයාට පුළුවන්. සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. ජනාධිපතිවරයාට තියෙනවා නම් සත්‍යවශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඔහුට ඒ දේ කරන්න පුළුවන්. අපිට කරන්න බෑ. ඒ තියෙන යථාර්තයත් එක්ක තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ මුදල් කාරක සභාව හරහා සර්වපාක්ෂික පාර්ලිමේන්තු බලතල සහිත කොමිටිය හරහා මේ ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදෙන්න.”






















