Thursday, November 12, 2026
HomeNEWSමහනුවර ඇසළ පෙරහැර මෙවරත් ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණයක්

මහනුවර ඇසළ පෙරහැර මෙවරත් ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණයක්

මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බව මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා කියා සිටියේය.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පැවැත් වේ.

ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 22 වන දා පැවැත්වීමට නියමිත බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

අගෝස්තු 23 වන දා සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වා දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img