Saturday, August 22, 2026
HomeNEWSමහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති , රොෂාන් රණසිංහට නවරාජ්‍ය අමාත්‍ය ධූරයක්...

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති , රොෂාන් රණසිංහට නවරාජ්‍ය අමාත්‍ය ධූරයක් ….

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති , රොෂාන් රණසිංහට නවරාජ්‍ය අමාත්‍ය ධූරයක් ….

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටී. 

වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වෙයි. 


රොෂාන් රණසිංහ මහතා  පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ. 

ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. 

රණසිංහ මහතා  අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි. එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img