හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් අද (28) දින එම අධිකරණයේ කැඳවීමට තිබු සියලුම නඩු කටයුතු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය නියෝග කර ඇත.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉකුත් 22 වන දින අවසන් වරට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි සඳහා පැමිණ තිබේ.
පසුව රෙජිස්ටාර්වරයාට රෝග ලක්ෂණ මතුවිම හේතුවෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ සේවය කරන සියලුම නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කිරීමට කටයුතු කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.






















