පසුගිය අවස්ථාවල ශ්රී ලංකා මහ බැංකුවේ මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉදිරියේදී උද්ධමනය අඩුවෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
“උද්ධමනය 60%ක් වැඩියි කියන එක පිළිගන්නවා.”
“විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවෙලා. රට තුළ බැංකුවල යම් විදේශ විනිමය ප්රමාණයක් තිබෙනවා. ආනයන වියදම අඩුවෙලා. අපනයන ආදායම වර්ධනය වෙලා.”






















