Sunday, November 8, 2026
HomeNEWSමහ බැංකු අධිපතිට හර්ෂ ද සිල්වා ගෙන් බලාපොරොත්තුවක්

මහ බැංකු අධිපතිට හර්ෂ ද සිල්වා ගෙන් බලාපොරොත්තුවක්

රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමට තම පාර්ශ්වය පැය 24 තුළම වෙහෙසෙන බැවින් එතෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලයි.

මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකළේ සති දෙකක කාලයක් තුළ දේශපාලන අර්බුදය නොවිසඳුනහොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවට මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“මහ බැංකු අධිපතිවරයා කිව්වා ආර්ථිකය අසාධ්‍ය තත්ත්වයේ තියෙන්නේ කියලා. ඒ වගේම ඔහු ඉල්ලා අස්වෙන්නත් යනවා කියලා අනතුරු ඇඟෙව්වා. මහ බැංකු අධිපතිවරයාට මට කියන්න තියෙන්නේ… කරුණාකරලා ඔබතුමා ඉවසීමෙන් වැඩ කරන්න. අපි පැය 24ම උත්සාහ කරනවා මේ දේශපාලන අර්බුදයට විසඳුමක් හොයන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img