Wednesday, November 11, 2026
HomeNEWSමාකොළ වාහන උකස්පොළ - උකුස්සාගේ අනාවරණයක්

මාකොළ වාහන උකස්පොළ – උකුස්සාගේ අනාවරණයක්

මාකොළ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය වාහන උකසට ලබාගන්නා ස්ථානයක් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය දිනක රටට හෙළිදරව් කළේය.

එම මධ්‍යස්ථානය භාරයේ රඳවාගෙන තිබූ වාහන ඒවායේ අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ෆිනෑන්ස් සමාගම්වලට අය වියයුතු වාරික නොගෙවීම නිසා එම සමාගම් විසින් රැගෙන යාමේ අවදානමක් ඇති වාහන උකස්ගෙන තබා ගන්නා මාකොළ ප්‍රදේශයේ මෙම ස්ථානය පිළිබඳව “අද දෙරණ උකුස්සා” පසුගිය වසරේ සැප්තැම්බර් 18 වනදා අනාවරණ කළේය.

මෙම කටයුත්ත පවත්වාගෙන ගොස් තිබුණේ නිසි නීතිමය පටිපාටීන්ගෙන් තොරව බව හෙළිවුනි.

යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන මෝටර් රථ, ගිලන් රථ මෙන්ම අධි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන 174ක් එහි අංගනයේ ඇති අයුරු දැකගත හැකිවිය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයෝ සංවිධානාත්මක අපරාධ ඒකකය ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ අතර මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරනු ලැබීය.

අධිකරණය නියෝග කළේ එම වාහන පරම අයිතිකරුවන් වෙත හා ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරින ලෙසය.

ඒ අනුව වාහන 66 ක් හැර සෙසු වාහන සියල්ල ඒවායේ හිමිකරුවන් වෙත පොලීසිය විසින් මුදාහරිනු ලැබීය.

එම වාහන අතරින් 20ක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකළේ  ඒවායේ  චැසි අංක වෙනස්කර ඇත්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහාය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා රටට අනාවරණ කිරීමට “අද දෙරණ උකුස්සා” අවධානයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img