ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍ය මොහොතේ ආණ්ඩුව මාධ්‍යයට බලපෑම් කිරීමට ක්‍රියා කිරීම තුළින් එම සහාය ලබා ගැනීමට යම් යම් බාධාවන් එල්ල විය හැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා. ආධාර දෙන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සහ මූල්‍ය ආයතන ආධාර ලබාදීමේදී අදාල රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, මාධ්‍ය නිදහස යන කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බව මෙම වර්තමාන මාලිමා ආණ්ඩුව සිහි තබා ගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.මීට පෙර පැවැති යම් යම් ආණ්ඩුවලට ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර සහයෝගය නොලැබුණේ මෙම කාරණා ගැන නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා බවත් වර්තමාන ආණ්ඩුව මාධ්‍යයට බලපෑම් කිරීමට පටන් ගැනීම තුළින් යළිත් මෙම කාරණාව ජාත්‍යන්තරයේ අවධානයට යොමු වූ විට එය ආණ්ඩුවට මෙන්ම රටටද අවාසි සහගත විය හැකි බව මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා. වර්තමානයේ දී හිරු මාධ්‍ය ජාලයට බලපෑම් කරමින් මාධ්‍ය බිය ගැන්වීමට සහ මාධ්‍ය මර්ධනය කිරීමට පොලිසිය හරහා ආණ්ඩුව ක්‍රියා කිරීම මේ අවස්ථාවේදී සියලුම දෙනා හෙළා දකින බවත් මෙම කාරණය ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීමට පෙර මාධ්‍යයට එල්ල කරන බලපෑම්වලින් ඉවත් වී මෙරට මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කරනවා, වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු සිට මාධ්‍යයට බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇති බවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්ම රහස් පොලිසියට සහ ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවීමෙන් මෙම කටයුතු ආරම්භ වූ බව ද ඔහු පෙන්වා දෙනවා.විරුද්ධ පක්‍ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතා දැඩිව කතා කරමින් මාධ්‍ය නිදහස් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් වර්තමාන ආණ්ඩුව මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ එම ප්‍රකාශවලට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ආකාරයට බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළා,






















