Monday, August 31, 2026
HomeNEWSමානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කොමිසමක්

මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කොමිසමක්

මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කොමිසමක්

මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව වාර්තා වේ.

විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවලින් අනාවරණය කරගෙන ඇති කරුණු අධ්‍යයනය කර ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හෝ වෙනත් එවැනි වරදවල් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සොයා බලා වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබදව සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇති වගකීම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img