Sunday, November 8, 2026
HomeNEWSමානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්

මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

දැනට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණවලට හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මීට අමතරව දැනට මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පසුගිය දින කිහිපය තුළ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය මතය ඉදිරිපත් කළ අතර අත්අඩංගුවේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකරන ආකාරය පිළිබදව දැඩි අවධානයකින් පසුවන බව ද ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අද දිනයේ දී සාකච්ඡාවට ලක්කිරීමට නියමිත බව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පොලිස්පති  සී.ඩි.වික්‍රමරත්න මහතා හෙට (05) දිනයේ දී මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

පසුගියදා මිරිහාන ප්‍රදේශයේ දී ඇති වු සිද්ධිය සහ අනුරාධපුර ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියකට අදාළව කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img