මාලදිවයිනේ ආරක්ෂක අමාත්යවරිය සහ අග්රාමාත්යවරයා අතර හමුවක්
මෙරට සංචාරයක නිරත මාලදිවයින් ආරක්ෂක අමාත්ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිසක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්රාමාත්ය නිවසේදීය.
එහිදී මත්ද්රව්ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්ධනය, බන්ධනාගාර ප්රතිසංස්කරණය, ත්රස්තවාදය, අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව යන විෂයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම කලාපීය ආරක්ෂාවට අදාළව කරුණු කිහිපයක් ද අග්රාමාත්යවරයා සමඟ සාකච්ඡා කළ බව අග්රාමාත්ය මාධ්ය අංශය සඳහන් කරයි.
ඊයේ (27) පැවති මෙම හමුවට මාලදිවයිනේ නියෝජ්ය ආරක්ෂක මාණ්ඩලික ප්රධානී බ්රිගේඩියර් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්රී ලංකාවේ මාලදිවයිනේ මහකොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.
මාලදිවයිනේ මෙම ආරක්ෂක ප්රධානීන් පිරිස මෙරටට පැමිණි ඇත්තේ, ඉන්දියාව, මාලදිවයින සහ ශ්රී ලංකාව අතර සමුද්රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්ෂක උපදේශක ත්රෛපාර්ශ්වික හමුවට එක්වීමටය.






















