Thursday, July 2, 2026
HomeNEWSLatest Newsමැතිවරණය නිසා අත්හිට වූ උපාධිධාරීන්ට හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු...

මැතිවරණය නිසා අත්හිට වූ උපාධිධාරීන්ට හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන නව ආණ්ඩුව පිහිට වූ වහා ම

මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන නව ආණ්ඩුව පිහිට වූ වහා ම

මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිට වූ වහා ම මැතිවරණය නිසා  අත්හිට වූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ හා අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු අයට රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ නව ආණ්ඩුව පිහිටුවා සති දෙකක් තුළ මෙම රැකියා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩලයට සහභාගීවෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම මහර සුමිත්‍රා උත්සව ශාලාවේ දී පසුගිය දා (28) පැවැත්විණ.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

අපි උපාධිධාරි 50,000 කට රජයේ රැකියා  ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ එක්කම අ.පො.ස සා/පෙ දක්වා ඉගෙනුම ලැබු ලක්ෂයකට අධික තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මහ මැතිවරණයත් එක්ක මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය නිසා මේ වැඩ සටහන් දෙක ම නතර කරන්න සිද්ධ වුණා.  මහ මැතිවරණයෙන් පස්සේ අපේ ආණ්ඩුව දිවුරුම් දුන්නාට පස්සේ ක්‍රියාත්මක කරන පළමු වැඩේ වෙන්නේ මේ ව්‍යාපෘති දෙක නතර වෙලා තියෙන තැනින් නැවත පටන් ගන්න එකයි. ආණ්ඩුව පිහිටුවලා පළමු මාසය තුළ මේ අයට රැකියා ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ ගැන තීන්දුවකට එළඹිලා තියෙන්නේ.

ගෝඨාභය මහත්තයා රටේ ජනාධිපති වුණාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ විපක්ෂයට. ඔවුන් ඒ නිසා ජනතාවට සහන සලස්වන ජනාධිපතිවරයා ගත් සියලු ක්‍රියාමාර්ග වලට බාධා කළා.  ඒ නිසයි රැකියා ලබාදීමේ ජාතික වැඩසටහන නතර කරන්න අපිට සිදු වුණේ. උපාධිධාරින්ට – තරුණ තරුණියන්ට රැකියා ලබා දීම ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්යයක්. ඒ සදහා අපි ඇප කැප වී සිටිනවා. මේවා ඡන්ද ගුණ්ඩු නෙමෙයි. අපි කියන දේ කරන, කරන දේ කියන ආණ්ඩුවක්. පහුගිය යහපාලනය වගේ අපි ජොබ් දෙනවා කියලා තරුණ තරුණියන් රවටන්නේ නෑ.

අපි මේ පොහොට්ටු පක්ෂය හැදුවේ රට හදන්න. එහෙම නැතුව එජාපය වගේ රට විනාශ කරන්න නෙමෙයි. අපිට මේ පක්ෂය හදනකොට අභියෝග රැසක් තිබුණා. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා. මේ පක්ෂය හැදුවොත් අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවන බවට මෛත්‍රීපාල තර්ජනය කළා. එහෙම තර්ජනය කරපු මෛත්‍රී අද පොහොට්ටුවට ඡන්දය ඉල්ලන්න පාරක් පාරක් ගානේ ගානේ යනවා. ඉස්සෙල්ලාම ගිහින් පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කරනවා. මොකාට ද එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ලැජ්ජා නහර නැති කෙනෙකුට විතරයි. සජිතුත් එහෙමයි. සජිත් ප්‍රේමදාස වේදකාවල කියපුවා අපිට මතකයිනේ.  අදත් එහෙමයි. සජිත්ගේ විනෝද සමය දැන් පටන් අරන්. සජිත් කියනවා රනිල්ගේ පැත්තට ඇගිල්ල දික් කරලා මූං තමයි හොරු. මහදවල් මහබැංකුව මංකොල්ල කෑවේ කියලා. රනිලුත්  සජිත්ගේ පැත්තට ඇගිල්ල දික්කරලා කියනවා මුං තමයි මහබැංකුව කොල්ල කෑවේ කියලා. එතකොට ජනතාව තේරුම් ගන්න ඕනේ මේ දෙගොල්ලොම හොරු කියලයි. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි මහ බැංකුව මහ දවල් හොරා කෑවේ. පොත් ලිව්වා. ෆුට් නෝට් දැම්මා මහා බැංකුව හොරකම් කළේ නෑ කියලා. දැන් ජනතාවට ඇත්ත හොරුන් කවුදැයි හොදින් වටහා ගත හැකියි.

අපි අගෝස්තු 06 වෙනිදා වනවිට රටේ ස්ථාවර ආණ්ඩුවක් හදනවා. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ස්ථාවර ආණ්ඩුවක්. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු ස්ථාවර ආණ්ඩුවකට විතරයි මේ රට නැවත ගොඩගන්න පුළුවන්. රනිල්ටවත්, සජිත්ටවත් මේ රට හදන්න බෑ. ඒක ඔවුන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා තවත් වසර 20 කටවත් මේ රටේ බලය ගන්න එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට ඉඩක් නෑ.  ඔවුන් මෙවර මහ මැතිවරණයෙන් හොද ම පරාජිතයන් ලෙස ඉතිහාසගත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img