මිනිස් පරිභෝජනයට නුසුදුසු කෙලවල්ලා සහ බලයා මාළු කිලෝ 30,000ක් පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර සිය භාරයට ගෙන තිබේ.
මීගමුව දුන්ගල්පිටිය බසියාවත්ත ප්‍රදේශයේ පිඑිටි ශීතාගාර 4ක ගබඩා කර තිබූ මෙම මාළු තොග ප්‍රවාහනය සඳහා ලොරි රථයකට පටවා තිබියදී එසේ සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම ශීතාගාරවල අයිතිකරු වන 47 හැවිරිදි මීගමුව මංකුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ කරවල සහ අලෙවි කිරීම සඳහා ඒවා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවය.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙත භාරදී තිබේ.
මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු තවත් මාළු තොගයක් පෑලියගොඩ සහ සහ සීදූව යන ප්‍රදේශ වෙත බෙදාහැර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.






















