Sunday, November 8, 2026
HomeNEWSමිරිහානේ විරෝධතාවයෙන් 45ක් අත්අඩංගුවට

මිරිහානේ විරෝධතාවයෙන් 45ක් අත්අඩංගුවට

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රී දැඩි විරෝධතාවක් පැවැත්වුනි.

එහිදී තත්ත්වය පාලනය කිරිම සදහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමත් සමඟ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

එහිදී කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ විරෝධතාවය අතරතුර පොලිස් බස් රථයක්, ජීප් රථයක් ඇතුළු පොලිස් රථවාහන හා යුද හමුදා බස් රථයක් ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.

මෙම කලහකාරී සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් 5 දෙනෙක් රෝහල්ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර ඇතිවූ කළහකාරී සිද්ධිය සමඟ තුවාල ලැබූ තවත් පිරිසක් විවිධ රෝහල්වෙත ඇතුලත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

එම ස්ථානයේ අද උදෑසන ඡායාරූප පෙළක් අපවෙත ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img