Sunday, November 8, 2026
HomeNEWSමිරිහානේ සිද්ධිය විමර්ශනය කිරීමට කණ්ඩායම් 3ක්

මිරිහානේ සිද්ධිය විමර්ශනය කිරීමට කණ්ඩායම් 3ක්

මිරිහානේ දී ඊයේ (31) ඇතිවූ කලහකාරී සිද්ධියේ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් 3ක් වෙත භාරදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයේදී එම කලහකාරී තත්ත්වය ඇතිවී තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා,

“මේ විමර්ශන කණ්ඩායම් තුනක් විසින් සිදුකරනවා. ඒ තමයි කොළඹ අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය.”

“සාමාන්‍ය නීතිය යටතේ තමයි ඒ අයට එරෙහිව කටයුතු කරන්නේ.”

“මාධ්‍යවේදීන්ට මේවා වාර්තා කරන්න තහනම් කරන්න බෑ. ඒක ජනතාවගේ අයිතියක්. මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙනුත් පරීක්ෂණ කරනවා.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img