මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය ගැන රජය ගත් තීරණය
මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණයකර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම තීරණය ගත්බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.
එය දෙස් හා විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවඅමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ලබන වසර අවසන් වනවිට මුතුරාජවෙල පරිසර පද්ධතිය සුරකිමින් එම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.






















