දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පැවසුවේ, අම්බලන්ගොඩ සහ බලපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවය.
ඒ අනුව කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මේ වන විට බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ද සඳහන්ය.






















