Sunday, October 25, 2026
HomeNEWSමෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරමින් රාජ්‍ය දේපළ විනාශ කරන්න එපා- පාර්ලිමේන්තු මන්ත්‍රී...

මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරමින් රාජ්‍ය දේපළ විනාශ කරන්න එපා- පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා

රාජ්‍ය දේපළ විනාශ කිරීම සමස්ත ජනතාවටම සිදුවන මහත් අලාභයක්: මෙට්‍රෝ බස් රථවලට හානි කිරීම හෙළා දකිමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆාගෙන් විශේෂ ඉල්ලීමක්

රාජ්‍ය දේපළ යනු කිසිසේත්ම පෞද්ගලික වස්තුවක් නොව, සමස්ත පොදු මහජනතාවගේම බදු මුදලින් නඩත්තු වන පොදු අයිතියක් බවත්, ඒවා අවභාවිත කිරීම හෝ විනාශ කිරීමට උත්සාහ කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

එතුමා අවධාරණය කළේ, මෑතකදී සිදුවූ මෙට්‍රෝ බස් රථ (Metro Buses) විනාශ කිරීම සහ ඒවාට හානි සිදු කිරීමේ සිදුවීම් පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවයි.

තවද, මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“රාජ්‍ය දේපළ කියන්නේ කිසිසේත්ම පෞද්ගලික දෙයක් නෙමෙයි. ඒක මේ රටේ පොදු ජනතාවගේ දේපළක්. මෙට්‍රෝ බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් විනාශ කිරීම හෝ ඒවාට හානි සිදු කිරීම නිසා අවසානයේ පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය මහජනතාවමයි. දැන් සිදුවෙලා තියෙන මේ සිදුවීම පිළිබඳව මම ඉතාමත් කනගාටු වෙනවා.”

අනාගත පරපුර වෙනුවෙන් රාජ්‍ය දේපළ සුරක්ෂිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හෙට දිනයේ රටේ භාරකරුවන් වන දූ දරුවන් උදෙසා මෙම සම්පත් ආරක්ෂා කර තැබීම සමස්ත මහජනතාවගේම පරම වගකීමක් බවද පෙන්වා දුන්නේය.

“අපේ අනාගත දූ දරුවන්ගේ සහ ඉදිරි පරම්පරාවේ යහපත උදෙසා මේ රාජ්‍ය දේපළ ඉතාමත් සුරක්ෂිතව ආරක්ෂා කර තැබීම අපේ වගකීමක්. ඒ නිසා මෙවැනි විනාශකාරී ක්‍රියාවන්ගෙන් වෙන්වී, ජාතික දේපළ සුරැකීමට වගකීමෙන් කටයුතු කරන ලෙස මම සමස්ත ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මුළු සමාජයටම සිදු වන අලාභය සුළුපටු නොවන බවත්, මහජන සේවාවන් අඩපණ වන මෙවැනි ක්‍රියාවලින් වළකින ලෙසත් ඒ මහතා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා (පා.ම) මැතිතුමාගේ මාධ්‍ය ඒකකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img