මෙරටට ප්‍රධානයක් ලෙස ලැබෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණය අද (25) රාත්‍රියේ බීජිං නුවර ගුවන්තොටුපොළින් පිටත්වීමට තියමිතව ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ එම එන්නත් තොගය රැගත් ගුවන් යානය මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බවය.
මීට පෙරද එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් ලෙස චීනයෙන් මෙරටට ලැබුණි.
මේ අතර මෙරටට අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් එලෙස මිලදී ගැනීමට තීරණය වී තිබේ.






















