Wednesday, November 11, 2026
HomeNEWSමෙරට ට පැමිණි සංචාරකයින් ගැන අනාවරණයක්

මෙරට ට පැමිණි සංචාරකයින් ගැන අනාවරණයක්

මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත වී තිබේ. 

පසුගිය පැය 24දී ප්‍රංශයෙන්, දකුණු කොරියාවෙන්, ඝානාවෙන්, ග්‍රීසියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් සොයාගැණුනි. 

මේ අතර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග නොවැම්බර් මසදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 44,117කට ආසන්නය.

ඒ අතර ඉන්දීය ජාතිකයින් ද වෙයි. 

මේ අතර පළමු වතාවට ඔමික්‍රොන් ආසාදිතයින් දෙදෙනකු ඉන්දියාවෙන් අද වාර්තා වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, එම ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාවේත් තිබිය හැකි බවය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා,

“විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ගේ සාම්පල අපි වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කරලා තියෙනවා, මේ ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවා ද කියලා පරීක්ෂා කිරීම සඳහා. අද සහ හෙට මේ පර්යේෂණ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහි වාර්තා සති අන්තයේදී නිකුත් කරන්න පුළුවන් වෙයි.” 

මේ අතර  මෙරට කොවිඩ් මර්දන වැඩසටහන සඳහා රුපියල් බිලියන 113ක මුදලක් රජය වියදම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය. 

ඉන් එන්නත් සඳහා පමණක් වැය වී ඇති මුදල රුපියල් බිලියන 63කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img