Thursday, October 29, 2026
HomeNEWSමෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානය.

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානය.

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානයමෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේත් සිරියාවේත් අවධානය යොමු වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ සිරියාව අතර වෙළ වෙළදාම හා දෙරටේ ආර්ථික සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේම අවධානය යොමුවී ඇත.මෙම කරුණ අවධාරණය වූයේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා සහ සිරියාවේ අන්තර්වාර රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු සමග පසුගියදා සිරියාවේ ඩමස්කස් නුවරදී පැවැති සාකච්ඡාවකදීය. සිරියාවේ වෙළඳ අමාත්‍ය කලින් අල් හසාන්, වාණිජ අමාත්‍ය අබ්දුල් හස්නන්, කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය යයිඩ් අල් කාසීම් මහත්වරුන් සමඟ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවිර මහතා සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ තේ සඳහා සිරියාව තුළ විශාල වෙළඳපොලක් පවතින අතර එය තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.දෙරටේම සංචාර කර්මාන්තය දියුණු කර ගැනීම හා දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව සහ සිරියාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img