Thursday, July 16, 2026
HomeNEWSමෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානය.

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානය.

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානයමෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේත් සිරියාවේත් අවධානය යොමු වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ සිරියාව අතර වෙළ වෙළදාම හා දෙරටේ ආර්ථික සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේම අවධානය යොමුවී ඇත.මෙම කරුණ අවධාරණය වූයේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා සහ සිරියාවේ අන්තර්වාර රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු සමග පසුගියදා සිරියාවේ ඩමස්කස් නුවරදී පැවැති සාකච්ඡාවකදීය. සිරියාවේ වෙළඳ අමාත්‍ය කලින් අල් හසාන්, වාණිජ අමාත්‍ය අබ්දුල් හස්නන්, කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය යයිඩ් අල් කාසීම් මහත්වරුන් සමඟ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවිර මහතා සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ තේ සඳහා සිරියාව තුළ විශාල වෙළඳපොලක් පවතින අතර එය තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.දෙරටේම සංචාර කර්මාන්තය දියුණු කර ගැනීම හා දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව සහ සිරියාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img