Thursday, August 6, 2026
HomeNEWSමෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය අර්ධද්වීපයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සෙසු පළාත්වල ද වෙසක් උත්සව පවත්වන බවය.

කෙසේවෙතත් ඒ සඳහා තවත් කාලය ඇති බවත් අලුත් අවුරුදු සමය ගත කළ කාලයේ ප්‍රතිඵල මැයි මස මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියේය.

“කෙසේවෙතත් අලුත් අවුරුදු සමයේ දී මේක කළමනාකරණය කර ගත හැකි නම් වෙසක් සමරන්න ගිය වරට වැඩිය හැකියාව ලැබෙයි. එසේ නොමැති වුණොත් එකේ අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. සිංහල, දෙමළ අවුරුද්ද ඉතාමත් හොඳින් සමරන්න. ඔබේ පවුල සමඟ සමරන්න. ඔබ අවුරුදු උත්සව පවත්වනවා නම් ගමට පමණක් සීමා කරන්න. සෞඛ්‍ය පුරුදුවලට අනුගතවෙමින් කටයුතු කරලා රටෙන් කොවිඩ් තුරන් කිරීමට සහයෝගය දක්වන්න.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටියි. තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන...

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි- ජනපති

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්,ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත...

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img