දේශබන්දු මහත්තයා වැරදි ගොඩක් කළා කියලා කියන්නේ මාලිමා ආණ්ඩුවෙන් පත් කරපු කමිටුවෙන්නේ. එතකොට දේශබන්දු මහත්තය පත්කරේ එතුමා නිලධාරියෙක් හැටියට කීර්තිමත් ඉතිහාසයක් තිබුණු නිසා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට යවලා ඒකෙන් අනුමත කරලා තමයි දේශබන්දු මහත්තය පත් කළේ. දේශබන්දු මහත්තයා යුක්තිය මෙහෙම කරද්දී කවුරුත් ඒක වැරදියි මේක වැරදියි කියලා කවුරුත් කිව්වේ නෑ. ඒක නවත්තන්න කියලා කවුරුත් කිව්වේ නෑ. එතුමා ගිහිල්ලා පාතාලයේ එතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක ඇහැ කියන ව්‍යාපෘතිය කරලා පාතාල සාමාජිකයෝ අවිගත්ත අපරාධකාරයෝ අත්අඩංගුවට ගද්දි වෙනුවෙන් මේ රටේ මිනිස්සු හුරේ දැම්මා. ඒක හොඳයි කිව්වා . හැබැයි මාලිමා ආණ්ඩුව එතුමාව ද්‍රෝහියෙක් කරලා තියෙනවා. අපරාධකාරයෙක් කරලා තියෙනවා.පාතාල සාමාජිකයෙක් කරලා තියෙනවා. එතුමාව රස්තියාදු කාරයෙක් කරලා තියෙනවා. ඒ හින්දා දේශබන්දු තෙන්නකෝන්ව මාලිමාව විසින් අමු හමුවේ ඝාතනය කරලා ඉවරයි . මේ මොකක්ද මේ වෙන්නේ වෙන මොනවත් නෙමෙයි ඉහළ නිලතල තනතුරු ටික මාලිමා කරන ජවිපෙ කරන ව්‍යාපෘතිය යටතේ තමයි දේශබන්දු තෙන්නකෝන්ට ඬුවම් කරේ. දේශබන්දු තෙන්නකෝන් මහත්තයාව වැරදිකරුවෙක් අපරාධකරුවෙක් කරේ. අනාගතයේ දවසක දේශබන්දු තෙන්නකෝන්ට යුක්ති හා සාධාරණය මේ රටේ ජනතාව ඉටුකරනවා කියන පණිවිඩය අපිට දෙන්න පුළුවන්.






















