හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
අදාළ පෙත්සම අද එල්.ටී.බී. දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයට එම අවසරය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කරුවන්ට ජුනි මස 29 වනදා දක්වා කල් ලබාදී තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් අදාල පෙත්සම ඉදිරිපත් කර තිබුණි.






















