යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්රයා තුවාල ලබා තිබේ.
මෙම දුම්රිය අනතුර සිදුව ඇත්තේ මාතර උයන්වත්ත ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදීය.
අනතුරින් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ මාතර වේරගම්පිට ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යැවූ මරණකරුගේ පුත්රයා 08 හැවිරිදි වියේ පසුවෙයි.
ඊයේ උදෑසන බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මාතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






















