Monday, August 17, 2026
HomeNEWSයාන් ඔය ව්‍යාපෘතියේ ගැටළු අගෝස්තුවෙන් අවසන්

යාන් ඔය ව්‍යාපෘතියේ ගැටළු අගෝස්තුවෙන් අවසන්

යාන් ඔය ව්‍යාපෘතියේ ගැටළු අගෝස්තුවෙන් අවසන්

යාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වූ ජනතාවගේ සියළු ගැටළු අගෝස්තු 31 වනදාට ප්‍රථම විසදා අවසන් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ හමුවකදි තීරණය විය. 

ඒ අනුව, යාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපළ අහිමි වු ජනතාවට වන්දි ලබා දීම, නැවත පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩකඩම් ලබාදීම ඇතුළු ගැටළු රැසක් පිළිබදව මෙහිදි විශේෂ අවධානය යොමුවිය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 27 වනදා ගෝමරන්කඩවල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදර වැඩසටහනේදී ජනතාව විසින් මෙම ගැටළු ඉදිරිපත් කළ අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ආණ්ඩුකාරවරියගෙන් ප්‍රධානත්වයෙන් රැස් වී හැකි ඉක්මනින් මෙම ගැටළු විසදීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.

මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මෙම ගැටළු පවතින ජනතාව ජීවත් වන ගම්මානයටම ගොස් ඒ ගැන සොයා බැලිම ද විශේෂත්වයකි.

යාන් ඔය ව්‍යාපෘතියෙන් දේපළ අහිමි වූ පවුල් 201ක් අලුතින් ඉඩම් ලැබුණු කජුවත්ත සහ මල්පෝරුව යන ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ට ඉඩම් ලබා දීමේදි ද අසාධාරණයක් සිදු වි ඇති බව මෙහිදි අනවරණය විය.

ඊට අමතරව වන්දි ලබා දීමේ ක්‍රමවේදය ද අවුල් සහගත බව මෙම සාකච්ඡාවේදි හෙළි විය. එම නිසා  එම ඉඩම් යළිත් වරක් මැනුම් කටයුතු සිදු කිරීමටත් ලබා දීමට නියමිත වන්දි මුදල් යළිත් තක්සේරු කිරීමටත් මෙම සාකච්ඡාවේදි තිරණය විය. අගෝස්තු 31 වන දින මෙම කටයුතු අවසන් කිරීමට තීන්දු වූ අතර එතෙක් මාසිකව රැස්වී ප්‍රගතිය සොයා බැලීම සදහා ප්‍රා දේශිය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ගැනිමද මෙහිදි සිදු විය. 

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ.රණවක, වනජීවි රාජ්‍ය අමාත්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් පාඩිකෝරාල, වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, මොරවැව ප්‍රාදේශිය ලේකම්, යාන් ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  

        

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img