යුක්රේන යුද්ධයට මැදිහත්වීමට උත්සාහ දරන ඕනෑම රටකට කඩිනම් ඊට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුටින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ යුද්ධය සඳහා අවශ්‍ය සියලු යුධෝපකරන තම රට සතුව ඇති බවත් අවශ්‍යතාවක් මතුවුවහොත් ඒවා භාවිතයට ගන්නා බවය.
යුක්රේනය හමුවේ රුසියාව පරාජය වන බව පසුගියදා අමෙරිකාව විසින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ අනුව මේ වන විට යුක්රේනය සඳහා අවි ආයුධ ලබාදීම වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.






















