Thursday, September 24, 2026
HomeNEWSයුද හමුදාපති ජනතාවගෙන් කළ ඉල්ලීම

යුද හමුදාපති ජනතාවගෙන් කළ ඉල්ලීම

යුද හමුදාපති ජනතාවගෙන් කළ ඉල්ලීම

එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය තුළ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළයුතු බවද ඔහු පැවසීය.

අද (10) පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පිළිබඳව එළඹෙන සඳුදා දිනයේ එන්නත් කමිටුව රැස් වී සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

මේ අතර  අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන පුද්ගලයින්ට අධිවේගි මාර්ග පිවිසුම්වලදී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීම අද (10) ආරම්භ කෙරුණි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම පරීක්ෂණ සිදුකරන ස්ථාන පිළිබඳව මෙවර අනාවරණය නොකරන බවය.

“රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අපි මේ පාරත් අහඹු ලෙස සිදුකරනවා. ඒ ස්ථාන අපි මාධ්‍ය මගින් හෙළි කළොත් එම ස්ථාන මගහැර වෙනස් ස්ථානවලින් යන්න බලනවා. ගිය පාරත් අපි ඒක දැක්කා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img