යුරෝපයේ පළමු වඳුරු උණ රෝගී මරණය වාර්තා වී තිබේ.
මෙම මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
ස්පාක්ඤ්ඤයෙන් මේ වන විට වඳුරු උණ රෝගීන් 4,298 දෙනෙකු වාර්තා වේ.
ඊට අමතරව පසුගියදා බ්‍රසීලයෙන් ද වඳුරු උණ රෝගී මරණයක් වාර්තා විය.
මෙම මරණය අප්‍රිකාවෙන් පිටත සිදු වූ පළමු මරණය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
බ්‍රසිලයෙන් මේ වන විට වඳුරු උණ ආසාදිතයින් 1,066 දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිත බවට සැක සහිත රෝගීන් 513ක් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.






















