Thursday, November 5, 2026
HomeNEWSරජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා කරන විට රජය ජනවරමක් ලබා ගත්තේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්න මිස මර්දනය ක්‍රියාත්මක කරන්න නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැඩි කරන්න බලය ලැබුනත් ජනතාව දුන් ජනවරම උල්ලංඝනය කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පලුදු කරන්න නීති සම්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය අදටත් කටයුතු කරන්නේ බොරු දත්ත මත

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දරිද්‍රතා රේඛාව 17702ක් වුවත් මේ දත්ත වැරදි බවත් දිනකට කිලෝ කැලරි 2030ක් අවශ්‍යව මත දරිද්‍රතා රේඛාව ගණනය කළත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව පිරිමි හා කාන්තාවන්ගේ කිලෝකැලරි ප්‍රමාණය ක්‍රියාශීලිත්වය අනුව වෙනස් බවත් ක්‍රියාශීලි පිරිමියකුට කිලෝ කැලරි 3340ක් ද ක්‍රියාශීලි කාන්තාවකට 2680ක් අවශ්‍ය බවත් ක්‍රියාශීලි අඩු කාන්තාවකට 1890ක් කිලෝකැලරි අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය අදටත් අසමත්

බොරු දත්ත මත පදනම්ව දරිද්‍රතා රේඛාව සකස් කර ඇති බවත් මෙතනින්ම මේ රජය අසමත් බවත් බොරු දත්ත මත පදනම්ව රජය කටයුතු කරන බවත් දුප්පත්කම තුරන් කරන්න වැඩසටහන පවා ක්‍රියාත්මක කරන්නේ බොරු දත්ත මත පදනම්ව බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයේ මර්දන පනත් නිසා GSP+ අහිමි විය හැකියි

රටේ දරුවන්ට මව්වරුන්ට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන බවත් 30-40% දුප්පත් බවත් සෑම පන්තියක්ම දුප්පත් වී රැකියා බිහිවනවා වෙනුවට විරැකියාව නිර්මාණය වන බවත් රජයේ මර්දනකාරී ප්‍රතිපත්ති නිසා GSP+ සහනය පවා අහිමි විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය තරම් බොරු කියන අය තවත් නැහැ

රජය සංවිධානාත්මක අපරාධ ගැන කිව්වත් රජය තරම් බොරු කියන සංවිධානාත්මක අපරාධකරුවන් තවත් නොමැති බවත් බලය ගන්න බලය පවත්වා ගන්න බොරු කියන එකම සංවිධානාත්මක කල්ලිය මේ රජය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එපා කියපු අයම අද ඒක ගේනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්නේ රජය විවේචනය කරන අය මර්දනය කරන්න කියා විපක්ෂයේ හිටපු මන්ත්‍රී විජිත හේරත් මහතා එදා කිව්වත් අද විජිත හේරත් මහතාගේ රජයම ත්‍රස්තවාදය මර්දනය කරන පනතටත් එහා ගියා මර්දනකාරී පනතක් ගෙනවිත් ඇති බවත් ජනතාවගේ ප්‍රශ්න විසදන්න බැරිව ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධන එන විට මෙවැනි මර්දන පනත් ගෙන එන බවට විජිත හේරත් මහතා එදා කියු බවත් කලු ආණ්ඩු ගැන කතා කරන රජය අද කලු ආණ්ඩු ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img