Tuesday, August 18, 2026
HomeNEWSරජයේ මූලික අරමුණ සුරක්ෂිත රටක් බිහි කිරීමයි - ජනපති

රජයේ මූලික අරමුණ සුරක්ෂිත රටක් බිහි කිරීමයි – ජනපති

රජයේ මූලික අරමුණ සුරක්ෂිත රටක් බිහි කිරීමයි – ජනපති

සියලු පුරවැසියන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අද (05) පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේදීය.

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම අද සිදුකෙරුණි.

ඒ ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝනය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝනය වෙතය.

වර්ණ ප්‍රදානයෙන් පසු කටුනායක මූලික ගුවන් කඳවුරේ සී 130 ගුවන් බලඝන දෙකක්ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි. 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

“ජීවිත පුද කළ සෑම ගුවන් හමුදා සාමාජිකයකුටම ජාතිය වෙනුවෙන් ගෞරවාචාරය පිරිනමනවා. අපේ ප්‍රතිපත්ති මාලාව ජනතාවට ඉදිරිපත් කළ විට ජාතික ආරක්ෂාව අතිශයින් වැදගත් බව පෙන්වා දුන්නා. එදිනෙදා වැඩකටයුතු හරියාකාරව කළ හැක්කේ රට තුළ ආරක්ෂාකාරී වාතාවරණයක් තිබුණොත් පමණයි. නොඑසේ නම් ආයෝජකයින් පවා රටට එන්නෙ නැහැ. ඒ නිසයි ජාතික ආරක්ෂාවට අපි මූලිකත්වය දෙන්නෙ. සෑම පුරවැසියෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් – ආරක්ෂිත රටක් ගොඩනඟා දීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලික හරයයි,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන සංශෝධනයට එරෙහිව සර්වජන බලයෙන් පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය පක්ෂය...

22 වන සංශෝධනයට එරෙහිව සජබයෙන් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්...

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද...

22 ඇතුළේ කියන තරම් යකෙක් නෑ” – අධිකරණ ඇමති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img