Sunday, November 1, 2026
HomeNEWSරජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙනවා කිව්වත් අද සමහර දිස්ත්‍රික්වල පෝලිම් බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් හෙට අනිද්දා තවත් විදුලි බිල වැඩි වීමක් ද සිදුවන බවත් අද රජයට මේ නිසා ජනතාව අතරට යාමට නොහැකි වීමත් ආණ්ඩුවේ නොහැකියාවත් නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසරණ වී ඇති නිසා දැන් මේ රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන ජනතාවගේ නිදහස සීමා කරන කතා කිරීමේ අයිතිය එකතු වීමේ අයිතිය මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන අණ පනත් 02ක් මේ රජය එන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය ආසනයේ, අඹගස්වැව කොට්ඨාසයේ, පහල අඹගස්වැව, ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍රාරාමයේ සංවර්ධන කටයුතු සඳහා සිමෙන්ති කොට්ට සීයක් පිරිනැමීමේ අවස්ථාව හා එක්වෙමිනි.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යන මේ පනත් 02 තුළින් ජනතාව මර්දනය කරන්න යන බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සිදුවිය යුතු වුවත් මේ මාතෘකා යටතේ රජය ජනතාවගේ නිදහසට සීමා පනවන බවත් රැදවුම් නියෝග පැනවීමේ දී විශාල බලතල ලබා දීම ත්‍රස්තවාදය කුමක්ද කියා නිර්වචනය කිරීම පවා පුළුල් බවත් සංවිධානාත්මක අපරාධ පනත යටතේ කොන්ඩ මෝස්තරය, ඇඳුම් පැළදුම්, පච්ච කෙටීම තුළින් ද සංවිධානාත්මක අපරාධකරුවකුයැයි විග්‍රහ කිරීමේ ඉඩකඩ පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු කියන ආණ්ඩුව ජනතාවගෙන් ආරක්ෂා කර ගන්නයි මේ පනත ගේන්නේ

5 දෙනකු එකතු වී සංගීත සාදයක් පැවැත්වීමත් සංවිධානාත්මක අපරාධ යටතට අයත් බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන්න කියා බොරු කියපු ආණ්ඩුව ජනතාවගෙන් ආරක්ෂා කර ගන්න මේ පනත් ගෙන එන බවත් අද කර්මාන්තශාලා වැසී යන බවත් ආදායම් මාර්ග කඩා වැටී ඇදි බවත් මේ කිසිදු ගැටලුවලට රජයෙන් විසදුම් නොමැති වුවත් මාලිමාවේ පැවැත්ම තබා ගැනීමට මර්දන පනත් ගෙන එන්න සූදානම් බවත් දැන් රජයට ඡන්දය දුන් ජනතාව පවා ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගහන්න යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අප රටට ලොකුම සංවිධාන්තමක අපරාධය කළේ වත්මන් රජයයි

රට ත්‍රස්තවාදයෙන් සංවිධානාත්මක අපරාධවලින් බේරා ගන්න ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව පනතක් අවශ්‍ය වුවත් රජය කරන්නේ විධායකයට බලතල ලබා දෙන මර්දන පනතක් ගෙන ඒම බවත් රටට ලොකුම සංවිධානාත්මක අපරාධය කළේ වත්මන් රජය බවත් පැය 24ම බොරු කියන ජනතාවට අපරාධ කරන එකම රජය මාලිමා රජය බවත් කුඩු ජාවාරම මංකොල්ලකෑම් දූෂණය වංචාව විනාශ කළ යුතු බවත් ඒවා කරනවා සේම ජනතාවට තම අයිතිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව එක්වීමේ අයිතිය ද පැවැතිය යුතු බවත් එයට බාධා කිරීම යනු සංවිධානාත්මක අපරාධයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භික්ෂූන්ගේ සිවුරු ගැලවීම ගිහියන්ට අයිති වැඩක් නොවේ

අප රටේ විහාරස්ථාන 14129ක්, දහම්පාසල් 10347ක්, පිරිවෙන් 824ක්, ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් ඇති බවත් සම්බුද්ධ ශාසනයට බුදුදහමට ප්‍රමුඛස්ථානය ලැබෙන අප රටේ මේ විහාරස්ථාන පද්ධතිය පිරිවෙන් පද්ධතිය දහම්පාසල් පද්ධතිය දියුණු කර සම්බුද්ධශාසනයේ උනන්තිය සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් මහා සංඝරත්නය සමඟ තර්ක විතරක් නොකර උන්වහන්සේලා ලබා දෙන අවවාද අනුශාසනා පිළිගත යුතු බවත් බුද්ශාසනයට මුල්තැන ලබා දෙන අප රටේ ගිහියන්ට භික්ෂුන් වහන්සේලාගේ සිවුරු ගැලවීම සේම පැළැන්දවීම සිදු කළ නොහැකි බවත් එහි වගකීම ඇත්තේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට එල්ල කළ ලොකුම අපහාසය කළේ මේ රජයයි

මෑත කාලයේ බුදුසසුනට එලල කළ ලොකුම නිග්‍රහය වන්නේ ගිහියන් විසින් මහා සංඝරත්නයේ සිවුරු ගැලවීම බවත් නීතිය රීතිය වුවත් ඒ නිලධාරීන් හා ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන නායකයන් දුරදිග සිතා කටයුතු කළ යුතුව තිබූ බවත් අධිකරණ ක්‍රියාවලිය ගැන නොව රජය සිවුරට අත තැබීම ගැන තමා මේ කතා කරන බවත් සිවුරුට අත තැබීම නිසා බුදුදහමට සිදුවූ නිග්‍රහය කියා නිම කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවිය යුතුයි

දැන්වත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවිය යුතු බවත් බුදුදහමට ප්‍රමුඛස්ථානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන නිසා ඒ ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම සෙසු ආගම් ජන කොට්ඨාසවලට නිසි රැකවරණය ආරක්ෂාව නිසි පිළිගැනීම ලබා දිය යුතු බවත් මේ උත්තරීතර නීතිය පිළිපදිමින් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් කර සෙසු ආගම් ජාති සංස්කෘතීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් රාජ්‍ය අමාත්‍යාංශ බිහි කළ බවත් ඒ තුළින් එකමුතුභාවය සහෝදරත්වය විශ්වාසනීයත්වය සංහිදියාව ඇති වන ලෙස ඒ කටයුතු ක්‍රියාත්මක කළ වුවත් අද රජය කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ගලවා බුදුදහමට අපහාස කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රටේ ඇත්තේ දුක් අදෝනා විතරයි

අද රටේ ජිවත් වන ජනතාවගෙන් ආදෝනා රැසක් අහන්න ලැබෙන බවත් පාන් මිල රු. 5කින් වැඩි කර ඇති බවත් ඊට අමතරව වන අලි මිනිස් ගැටුමට විසදුම් නොමැති බවත් උද්ධමන වේගය ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් බඩුමිල වැඩි වන බවත් වී සඳහා නිසි ස්ථාවර මිලක් නොමැති බවත් ජනාධිපතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක සහතික මිල රටේ නීතියක් බවට පත් කරනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති කෘෂිකර්ම ඇමතිට අනුව වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් යන විට රජය වී කිලෝවට ස්ථාවර මිල ලෙස රු. 120ක් දී රු. 17ක් වී කිලෝවකින් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

https://we.tl/t-HZjZ11mbADQ3Mkso a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img