Wednesday, June 10, 2026
HomeNEWSරජය සහ සණස සමිති එක්ව බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් -...

රජය සහ සණස සමිති එක්ව බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් – නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ .

රජය සහ සණස සමිති එක්ව බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි ගමේ බිත්තර අවශ්‍යතාවයෙන් 50%ක් ගම තුළදීම නිෂ්පාදනය කිරීමට සැලසුම් බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 35කට සීමා කිරීමට අවධානය දැනට දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 80යිබිත්තර ගැටළුවට විසඳුමක් වශයෙන් රජය සහ “සණස” සමිති එක්ව ග්‍රාමීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් ළගදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.මෙමගින් ග්‍රාමීය බිත්තර අවශ්‍යතාවයෙන් 50%ක් එම ගම තුළින්ම නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා සණස ව්‍යාපරය එක්ව මෙම වැඩසටහන තෝරාගත් සණස සමිති 1250ක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.මෙම කරුණු අනාවරණය වුයේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය.මෙම අවස්ථාවට එක්වු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ගමේ බිත්තර අවශ්‍යතාවය ගම තුළම නිෂ්පාදනය කිරී‍මේදී සහන මිලට බිත්තර ලබාදීමට හැකි වාගේම ගමේ බිත්තර නිෂ්පාදකයින්ගේ ආර්ථීකයද ශක්තිමත් කිරීමට හැකි බවයි.සණස සමිති මඟින් තෝරාගන්නා ග්‍රාමීය බිත්තර නිෂ්පාදනය කරන පවුල් සඳහා සහන මිලට කුකුළු පැටවුන් ලබාදීමටත් කුකුළු පාලනයට අදාළව උපදෙස් හා මාර්ගෝපදේශ සත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සදහන් කළේය.මෙහිදී බිත්තරයක් රුපියල් 35කට පමණ නිෂ්පාදනය කිරීමට හැකි බවත් එමගින් බිත්තරයක් සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් පෙන්වා දෙන ලදී.මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 80ක් බවත් අක්‍රමවත් බිත්තර නිෂ්පාදනය හා බෙදා හැරීම නිසා බිත්තර ආනයනය කිරීමට සිදුවී තිබෙන බවත් මෙම ග්‍රාමීය බිත්තර නිෂ්පාදන ආරම්භ කිරීමෙන් අනතුරුව බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසුවේය.මෙම අවස්ථාවට එක්වු සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා සඳහන් කළේ ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමේ සණස ගම් 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවයි.එක් සණස සමිතියකින් පවුල් 25ක් තෝරා ගන්නා බවත් එවැනි සමිති 1250කට ආසන්න සංඛ්‍යාවක් රටපුරා තිබෙන බවත් මෙම බිත්තර නිෂ්පාදනය සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදීමට සණස කටයුතු කරන බවත් සණස නිර්මාතෘ, සභාපති පී.ඒ. කිරිවන්දෙනිය මහතා සඳහන් කළේය.ග්‍රාමීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට අදාළ යෝජනවා ළඟදීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදෙන බවත් පී. ඒ. කිරිවන්දෙනිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.සණස සමිති සංවර්ධන ප්‍රධානී (සණස ජීවිත රක්ෂණ සමාගම) තුසිත් කුමාර වීරවර්ධන මහතාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.අදාළ වීඩියෝ දර්ශන හා ඡායාරූප WhatsApp හා ඊමේල් කර ඇත. මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img