Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsරටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා...

රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රට වැසියාට සෙත් පතා දින 07ක් පුරා පවත්වනු ලබන රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව නාරාහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර ක‌ර ගනිමින් ඊයේ දින ආරම්භ විය.

පිරිත් දේශනාව සඳහා සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමසඳහා එක්විය.

කොවිඩ් – 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියෝ පැවසූහ.

උන්වහන්සේගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරථන නාහිමි, පූජ්‍යඅතපත්තු කන්දේ ආනන්ද නාහිමි, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන විද්‍යාලංකාර නාහිමි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි හා පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img