Saturday, October 24, 2026
HomeNEWSLatest Newsරටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා...

රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රට වැසියාට සෙත් පතා දින 07ක් පුරා පවත්වනු ලබන රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව නාරාහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර ක‌ර ගනිමින් ඊයේ දින ආරම්භ විය.

පිරිත් දේශනාව සඳහා සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමසඳහා එක්විය.

කොවිඩ් – 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියෝ පැවසූහ.

උන්වහන්සේගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරථන නාහිමි, පූජ්‍යඅතපත්තු කන්දේ ආනන්ද නාහිමි, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන විද්‍යාලංකාර නාහිමි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි හා පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img