ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් පමණයි… රටේ පාලන බලය ජවිපෙට දීමට තරම් ජනතාව මෝඩ නැහැ… ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි… – ඇමති ප්‍රසන්න රණතුංග – ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බවත්, රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැති බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී එක්වරම එය කළ සිදු කළ නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ අද (15) මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා ලබා දුන් පිළිතුරු මෙසේයි. ප්රශ්නය – ඔබතුමා ඊයේ ප්‍රකාශ කළේ පොහොට්ටුවේ මතයද ? පිළිතුර – පොහොට්ටුවේ මතය නෙමෙයි මගේ මතය මම කිවුවේ. මම අදත් ඒ ස්ථාවරයේම ඉන්නවා. ප්රශ්නය – ඔබතුමාගේ මතය මොකක්ද ? පිළිතුර – පසුගිය වසර 3 අපි ඉතාම දුෂ්කර කාල සීමාවකට මුහුණ දුන්නා. ගෝඨාභය මහත්තයා ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න ලොකු කැප කිරීමක් කලා. ඒ නිසාම එතුමාට එතුමාගේ තනතුරත් අහිමි වුනා. අපි පක්ෂයක් විදියට රට ගැන හිතලා ජනාධිපතිතුමා ඉවත්වුණා, අගමැතිතුමා ඉවත් වුණා, අපි කැබිනට් මණ්ඩල ඉවත් වුනා. අපි ආරාධනා කළා, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් කෙනෙක් ඇවිත් භාර ගන්න කියලා. අපි කොන්දේසි විරහිතව උදව් කරන්නම් කියලා කිවුවා. නමුත් කවුරුත් එවෙලේ ඉදිරිපත් වුනේ නැහැ. ඒ තරම් නරක මට්ටමක රට තිබුනේ. එවෙලේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිත් රට භාර ගත්තේ. එතුමා කිවුවේ රට හදන වැඩපිළිවෙලට කකුලෙන් අදින්නේ නැතුව එතුමට උදව් කරන්න කියලා. ඒ නිසා තමයි පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සමහර අණ පනත් එනතොට අකමැත්තෙන් වුනත් අත ඉස්සුවේ. රටේ අනාගතය වෙනුවෙන් තමයි ඒ තීන්දු ගත්තේ. අපි කකුලෙන් ඇද්දේ නැ. එතුමට උදව් කළා. අද ආපස්සට හැරිලා බලන කොට රට තිබුණු මට්ටමෙන් උඩට ඇවිත් තියෙනවා. මාධ්‍යවේදීන් විදිහට ඔබතුමාලා දන්නවා පෙට්‍රල් ලීටරය රුපියල් 3,000 ට ගත්ත කාලයක් තිබුනා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැති කාලයක් තිබුනා. දැන් හෙමින් හෙමින් රට ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමට පැමිණෙමින් තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ වෙලාවේ රටට ඕන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි සහයෝගය දෙන්න ඕනේ කියලා යෝජනා කරන්නේ. ප්රශ්නය – පක්ෂයේ මතය වෙනස් වුනොත් ඔබතුමා හිටගන්නේ කොයි පැත්තේද? පිළිතුර – පක්ෂය මතය වෙනස් වෙන්න ඕනේ පුද්ගලයෙක් පදනම් කරගෙනනේ. ඒ පුද්ගලයා අනුව තමයි මගේ මතය ඒ වෙලාවට වෙනස් වෙන්නේ. ප්රශ්නය – එතුමා ජනාධිපතිවරණයට එනවා කියලා තවම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලත් නෑ නේද? පිළිතුර – මං එකයි කිවුවේ එතුමා ඉල්ලනවා නම් අපි එතුමාට සහයෝගය දෙන්න ඕනි කියන ස්ථාවරයේ මම ඉන්නේ. ප්රශ්නය – ජාතික ජන බලවේගය ඉදිරියට එනවා කියලා ගම්වල කතා වෙනවා ? පිළිතුර – 5% ක ඡන්ද ප්‍රතිශතයක් තියෙන කෙනෙක් ලක්ෂ 50 ක් ගන්න නම් 1000% කින් ඡන්ද පදනම වැඩි කර ගන්න ඕනි. මේ දේශපාලන ඉතිහාසය තුළ එහෙම වැඩි කර ගත්ත පක්ෂයක් නැහැ. අලුත් පරම්පරාව දන්නේ නැති උනාට උගත් බුද්ධිමත් මිනිසුන් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කලේ කොහොමද කියලා. ඇයි පක්ෂයේ නම වෙනස් කරේ මාලිමාව කියලා. ජනතා විමුක්ති පෙරමුණයි මාලිමාවයි කියලා කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. 88 – 89, 77 කැරැල්ල වෙලේ මිනිසුන්ව මරපු හැටි, විදුහල්පතිවරුන්ව මරපු හැටි, හමුදා නිලධාරීන්ගේ පවුල් පිටින් ඝාතනය කරපු මාලිමාවේ අයගේයි එල්.ටී.ටී.ඊ. අයගෙයි වෙනසක් නෑ. එහෙමනම් එල්.ටී.ටී.ඊ. එකටත් අනාගතයේ රටේ පාලන බලය දෙයි. ජේවීපී එකට දෙන්න තරම් එහෙම මිනිස්සු මෝඩ නෑ. ෆෙස්බුක් රැල්ලත් එක්ක ඒගොල්ලො උත්සහ කරනවා යමක් කරන්න. ඒක හොදයි. ඉන්දියාවට ගිහිල්ලා ඒ සම්බන්තා ගොඩනඟා ගත්තා. 83 කලු ජුලිය එදා ඇති කරේ ජවිපී එක. එදත් දෙමළ මිනිස්සු කී දාහක් මැරුවද. හැබැයි අද අඩියක් පස්සට අරන් දේශපාලන පරිණතභාවය තුළින් වෙනසක් වෙනවා ලොකු දෙයක්. හැබැයි එහෙමයි කියලා ඒ ගොල්ලන්ගේ වෙනසක් නෑ. පසුගිය මැයි 9 වෙනිදත් ගෙවල් ගිනි තියලා මිනීමැරුම් කරානේ. ඒක එයාලගේ ඇඟ ඇතුලේ ජානවල තියෙන දෙයක්. මේ රටේ බුද්ධිමත් මිනිස්සු ඔය කියන විදිහට නම් වෙනස් වෙන්නේ නැ. ප්රශ්නය – ජනාධිපති ක්‍රමය ගැන මොකද හිතන්නේ ? පිළිතුර – ජනාධිපති ක්‍රමය ගැන අද මාතෘකාවක් තිබෙනවා. මම විශ්වාස කරනවා ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුය කියලා. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ඒක එකපාරටම වෙනස් කරන්න බැහැ. එහෙම නම් පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල ඡන්ද ක්‍රමය පරිපාලන බලය ඒ කටයුතු කොහොමද විමධ්‍යගත වෙන්නේ කියලත් ව්‍යවස්ථානුකූලවම ඒ කටයුතු වෙනස් වෙන්න ඕන. අපේ රටේ සිද්ධ වුණේ හැමදාම පොඩි පොඩි සංශෝධන දාලා ඇතිකරන අවුලක් මේ තියෙන්නේ. ඇයි අරගලයේදී මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ දේශපාලනඥයින්ගේ වැරදි විතරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද කරන්නේ මේ ඒක. ආර්ථික අර්බුදය විසඳන්නත් පුළුවන්, සිස්ටම් එක චේන්ජ් කරන්නත් පුළුවන් නායකයෙකු විදිහට මේ ඉන්න නායකයින් අතරින් මම දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කියලා මම කියන්නේ.ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516






















