Sunday, September 20, 2026
HomeNEWSරට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත්...

රට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත් චීනයට යෝජනා කරයි

රට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත් චීනයට යෝජනා කරයි*චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇතැයි ද අමාත්‍යතුමා ප්‍රකාශ කළේ ය.අමාත්‍යතුමා මෙම යෝජනාව සිදු කළේ අද (29) පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය. මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය. එමෙන් ම දැනට ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටියේ ය. එම ඉල්ලීම පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වූයේ ය. මීට අමතරව දිත්වා කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද තානාපති සෙන්හොංග් මහතා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img