Saturday, September 19, 2026
HomeNEWSරණවිරුවන් රැක ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා-උදය ගම්මන්පිල.

රණවිරුවන් රැක ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා-උදය ගම්මන්පිල.

2025 මාර්තු 27 වන දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම සම්බන්දයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා ලබාදී ඇති පිළිතුර “පතෝල” පිළිතුරක් ලෙස තමන් දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් කර සිටියේ අද (2025.03.27) පෙරවරුවේ පිටකෝට්ටේ එම පක්ෂ මූල්සථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.විජිත හේරත්ගේ ප්‍රකාශය ජුලී චංග් වෙනස් කරලාබ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන අපේ රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම පිළිබඳ කල් මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ඊයේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. හැබැයි ඒක ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක්. ආණ්ඩුව කියනවා බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ලංකා ආණ්ඩුව එක්ක කතා කරලා හවුලේ ගත්තු තීරණයක් කියලා ඒ ප්‍රකාශයේ නෑනෙ. විදේශ ඇමතිතුමා කියන ආකාරයට මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන බව කියන කතාව නම් සහතික ඇත්ත.බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් අපේ රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් අපි මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණා. මොකද රණවිරුවන් රණ බිමට ගියේ රට වෙනුවෙන් සේනාධිනායකගේ නියෝගයෙන් මිස හිතූමතේ නොවේ. අපේ රණවිරුවන් රැකගැනීමේ යුතුකමක් වගකීමක් ලංකා ආණ්ඩුවට තියෙනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද කියන එක අපටත් ලොවටත් අදාළ නෑ. මේ පිළිබඳ මාලිමා ආණ්ඩුවේ මාලිමාවේ ස්ථාවරය අපිටත් ලොවටත් අදාළ නෑ. නමුත් රණවිරුවන් යුධ බිමට තල්ලු කරපු ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳ මුළු ලෝකයම අවධියෙන් බලා ඉන්නවා.ඒ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙවැනි නිගමනයකට එළැඹෙන්න පවත්වපු විමර්ශනය මොකක්ද? රණවිරුවන් සිව් දෙනෙකු පමණක් තෝරා ගැනීමේ පදනම කුමක්ද? මේ රණවිරුවන්ට ලිංගික හිංසන පිළිබඳ චෝදනා පවා ඒ ප්‍රකාශයේ සඳහන් වෙනවා. එහෙම නම් මේ රණවිරුවන්ට තිබෙන නිශ්චිත චෝදනා මොනවාද? යුද සමයේ හිටපු යුද හමුදාපති මග හැරලා මුහුදේ සටන් වල හිටිය නාවික හමුදාපති පමණක් තෝරා ගැනීමේ පදනම කුමක්ද? යනාදි වශයෙන් ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රකාශය ප්‍රශ්න කළ යුතුව තිබුනා නමුත් ආවසනාවට ආණ්ඩුවේ ප්‍රකාශය තුළ මෙවැනි ප්‍රශ්න කිරිම් හරහා බ්‍රිතාන්‍යයේ මේ ප්‍රකාශය අභියෝගයට ලක් කරලා රණවිරුවන් රැක ගැනීම වෙනුවෙන් කිසිම පියවරක් අරගෙන නෑ.චිල්කොට් වාර්තාවෙන් යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයර්ට එරෙහිව කිසිම පියවරක් නොගන්නා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවේ රණවිරුවන්ට පදනම් විරහිත චෝදනා නැගීම සම්බන්ධයෙන් “ඔවා දෙනු පර හට – තමා සම්මතියේ පිහිටා සිට” කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියන්න තරම් කොන්දක් අපේ ආණ්ඩුවට නැති වීම ගැන අපි රටක් විදියට ලැජ්ජාවට පත් වෙලා තියෙනවා. ඒ කිසිවක් ආණ්ඩුවේ ප්‍රකාශයේ නෑ. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සිටි දේශප්‍රේමියෙකු විධියට විජිත හේරත් ඇමතිතුමා අනිවාර්රයෙන්ම මේ ප්‍රකාශය මේ විධියටම ලියන්න ඇති. නමුත් වර්තමානයේ මේ ආණ්ඩුවටත් උඩින් ඉඳන් අපේ රට පාලනය කරන ඇමෙරිකාවෙන් පත් කළ ලංකාවේ අග්‍රාණ්ඩුකාර ජුලී චංග් මැතිණිය ඒ ප්‍රකාශය කපා කොටා වෙනස් කරන්න ඇතියි කියන සාධාරණ සැකය අපට තිබෙනවා. එහෙම වුනානම් එහෙම වුනේ කොහොමද කියන ප්‍රකාශය කිරිම විජිත හේරත් ඇමතිතුමාගේ වගකීමක්.ආණ්ඩුවේ සහන මල්ලෙන් දිළිඳු ජනතාවට සහනයක් නෑදිළිඳු ජනතාවට රුපියල් පන් දහසක් වටිනා භාණ්ඩ මල්ලක් රු2,500/-ට දීමේ අයවැය යෝජනාව අළුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය පෙරේදා අනුමත කරලා තිබුණා. නමුත් 2,500/-ක සහනය ලබන්න නම් දිළිඳු ජනතාව බඩු මල්ල මිල දී ගන්න රු2,500ක් සොයා ගන්න ඕනි. අද අපේ සමාජයේ දිළිඳුම ජනතාව ගෙවන්නේ ඉතාම පීඩාකාරී ජීවිතයක්. ආණ්ඩුව පොරොන්දු වුණු පරිදි පළමු අයවැයෙන් ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත තිබෙන බදු ඉවත් කරලා ජනතාවට සහනයක් දුන්නේ නෑ. අද තිබෙන ජීවන වියදම අනුව දුප්පත් ජනතාවට 2,500ක් නොවේ රු500ක් අතේ ඉතිරි කර ගන්න හැකියාවක් නෑ. එහෙම නම් සහන මිලට බඩු මල්ල ගන්න ජනතාව රු2,500 සොයා ගන්නේ කොහොමද? දුප්පත්ම ජනතාව සතුටු සිතින් අවුරුදු කනවා දකින්න ආණ්ඩුවට ඇත්තටම ඕනෑ නම් ආණ්ඩුව කළ යුත්තේ රු 5000ක් වටිනා බඩු මල්ලේ මිල 2,500කින් අඩු කිරීම නොවේ. රු 2,500ක් වටිනා බඩු මල්ලක් නොමිලේ ලබා දීමයි. මේ ක්‍රම දෙකේදීම ආණ්ඩුවේ පිරිවැය එකයි. නමුත් අපි යෝජනා කරන ක්‍රමයට ඇත්තටම දිළිඳු අතේ සතේ නැති අයටත් අවුරුදු කන්න අවස්ථාව ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...

බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලීමක්

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා තුනකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙස සී.අයි.ඩී.ය විසින්...

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img