රනිල්ගේ මන්ත්‍රී ධූරයට අදාළ ගැසට් නිවේදනයට සියල්ල සුදානම්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිවු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා නම් කිරීමට අදාළ ලියකියවිලි මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවු පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය සඳහා එම පක්ෂය විසින් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කෙරුණි.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයක් පමණයි.
දීර්ඝ කාලයක් පුරා පැවති එම පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙස එම මන්ත්‍රි ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කෙරුණි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින්, තම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් නම් කරන බවට සඳහන් කරමින් අදාළ ලේඛන පෙරේදා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදුන්නේය.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමිවු මන්ත්‍රි ධූරය සඳහා නම් කිරිමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බවය.
මැතිවරණ කොමසාරිස් නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ අද දහවල් පැවැත්වෙන රැස්වීමකින් අනතුරුව රනිල් විකමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා යොමු කරන බවය.






















