Wednesday, October 28, 2026
HomeNEWSරනිල්ගේ සහ රතන හිමිගේ මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

රනිල්ගේ සහ රතන හිමිගේ මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවය.

එහෙත් අදාළ කාලසීමාව තුළ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට ලබා නුදුන් බව ද ඔහු චෝදනා කළේය.

එසේ නියමිත කාලය තුළ නම් ලබානොදී ඉන් මාස ගණනාවකට පසුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමි පත් කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ ක්‍රියාමාර්ගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

මේ තුළින් තමාගේ සහ රටේ ජනතාවගෙත් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතියට පටහැනි ආකාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු වශයෙන් පත්වී සිටින රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක් ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසනවා. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය...

රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි-ජාතික විද්වත් සංවිධානය

ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව – 2026.10.28 රට හරි පාරේ ගෙනියන්න දැනුම, ඥානය මඟපෙන්වීම දෙන්නේ අපි...ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img