Saturday, August 22, 2026
HomeNEWSරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මතුවූ කොවිඩ් අවදානම

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මතුවූ කොවිඩ් අවදානම

පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනයවීමත් සමග අද (22) පෙරවරු 11.30ට පමණ එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණු බව වාර්තා විය.

එහි ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ, “ඇතුලේ එක්කෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. අපි ඒක මොකක් හරි නිරාකරණය කරගන්නකම් මේක සඳුදා වෙනකම් වහලා කියලා කියන්න කිව්වා.” යනුවෙනි.

හදිසියේ වසාදැමුණු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හේතුවෙන් සේවා ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටි අයුරු ද දක්නට ලැබුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අද දිනයේදීත් වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇති කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචි ජනතාවට ලබාදීම කොළඹ ස්ථාන 7කදී සිදු කෙරුණි. 

එමෙන්ම කටුනායක ගුවන්තොටුපලේ කාර්ය මණ්ඩල සේවක සේවකයින්ටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද දිනයේදීත් සිදුකෙරුණේ ගුවන් හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසිනි.

ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 35,912 දෙනෙකුට එන්නත්කරණය සිදුකර තිබුණි.

ඒ අනුව එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 338,769 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img