Wednesday, November 11, 2026
HomeNEWSරාජකාරී සඳහා පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන අයට දැනුම්දීමක්

රාජකාරී සඳහා පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන අයට දැනුම්දීමක්

රාජ්‍ය නිලධාරීන්ට බධාවකින් තොරව සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද (02) සිට ආරම්භ කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ඒ අනුව පළාත් අතර බස් සහ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බවය. 

රැකියා සඳහා යෑමට පමණක් මෙම අන්තර් පළාත් අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

“රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරී සඳහා යන අයට තමයි මේ ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ. ඒ අනුව තම තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා යන අය මේ ප්‍රවාහන සේවය භාවිත කිරීම සුදුසු නෑ. මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීම් සිදුවෙනවා. ඒ නිසා රාජකාරී හැඳුනුම්පත හෝ සේවයට කැඳවීමේ ලිපිය ඒ අය සතුව තිබිය යුතු වෙනවා.”

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

සියලුම රාජ්‍ය සේවකයින් අද (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබේ.

ඒ අනුව, කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පහසුව සඳහා සීමිත කාර්යමණ්ඩල පිරිසක් කාර්යාල වෙත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී කිරීමට අදාළව නිකුත් කරඇති සියලු චක්‍රලේඛ අවලංගු වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

අද සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට අදාළ චක්‍රලේඛය ද පසුගිය 30 වනදා නිකුත් කෙරුණි.

එන්නත්කරණයට ලක්විය යුතු බහුතරයක් එන්නත්කරණය කිරීමේ කටයුතු අවසන් වෙමින් පැවතීම හා රාජ්‍ය නිලධාරීන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව එහි සඳහන්ය.

කෙසේවුවද රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේදී රජයේ නිලධාරීන් හා මහජනතාව දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුඛ ආවරණ පැළඳීම හා දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුවේ.

ආයතනික කාර්යමණ්ඩලය මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් වළක්වාගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා ඇති බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මේ අතර දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද අද සිය රාජකාරී සඳහා වාර්තා කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img