Sunday, July 19, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය සේවයට ආණ්ඩුව කළ ව්‍යසනය සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

රාජ්‍ය සේවයට ආණ්ඩුව කළ ව්‍යසනය සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

රාජ්‍ය සේවයට ආණ්ඩුව කළ ව්‍යසනය සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

ගරු කථානායකතුමනි,
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබා දීමට පසුගිය රජය සමයේ කටයුතු කරනු ලැබුවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන රාජ්‍ය සේවයක් මෙන්ම පොලිස් හා විගණන සේවාවන් ඇති කිරීමටත්, ඉන් අනතුරුව අධිකරණ නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට විශේෂ වැටුප් වැඩිවීම් ලබා දීමටත් අප කටයුතු කරනු ලැබුවා.

එසේම, සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු. 10,000/- කින් වැඩි කිරීමට හා රජයේ සියලුම විධායක නිලධාරීන්ට රු. 15,000/- ක මාසික දීමනාවක් ලබා දීමට පමණක් නොව රාජ්‍ය සේවකයින්ට 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා අදියර කිහිපයක් ඔස්සේ ලබා දෙන ලද වැටුප් වැඩිවීම පදනම් කරගනිමින් 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයින්ට 2020.01.01 දිනට හිමිවන වැටුප පදනම් කරගනිමින් විශ්‍රාම වැටුප් ගණනය කිරීමටද පසුගිය රජය විසින් තීරණය කරනු ලැබුවා. එසේම, රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ස්ථර අතර පැවති වැටුප් විෂමතාවයන් අවම කරමින් මෙන්ම රාජ්‍ය සේවකයින්හට රු. 3,000/- සිට 23,975/- දක්වා වැටුප් වැඩි වීමක්ද හිමිකර දෙමින් රනුග්ගේ වැටුප් කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දීමටද කටයුතු කරන ලදී.

නමුත් වර්තමාන රජය බලයට පත් වූ වහාම රනුග්ගේ වැටුප් කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් 2020.01.01 දින සිට ලබා දී තිබූ වැටුප් වැඩිවීම අත්හිටුවීමට කටයුතු කරන ලද අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පවා නිකුත් කොට තිබියදී විධායක දීමනා අත්හිටුවීමටත් විශ්‍රාමිකයින්ට ලබා දී තිබූ වැටුප් වැඩිවීම අත්හිටුවීමටත් කටයුතු කරනු ලැබුවා.

පසුගිය මැතිවරණ සමයේදී රජය නියෝජනය කරනු ලබන පාර්ශ්වයන් විසින් මේ සඳහා විවිධ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන මුදල් වෙන් කිරීමට අවශ්‍ය බව ඇතැමෙක් ප්‍රකාශ කොට සිටි අතර නව වැටුප් කොමිෂන් සභාවක් පත් කොට මේ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කරන බව තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරනු ලැබුවා. ඕනෑම සාධනීය යෝජනාවකට පක්‍ෂ වීමට විපක්‍ෂ නායකවරයා වශයෙන් මා ප්‍රසිද්ධියේම එකඟතාවය පළ කොට සිටියද එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවිණි.

ජනාධිපතිවරයා විසින් 2020 පෙබරවාරි මාසයේදී නව වැටුප් කොමිෂන් සභාවක් පත් කරන ලද අතර මේ වන විට 2/3 ක බහුතර බලයක් සහිත පාර්ලිම්නේතුවක්ද රජයට හිමි වී තිබේ. මෙම පසුබිම යටතේ පහත ප්‍රශ්න සඳහා රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි.

1) දැනට පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කොට වැටුප් වැඩිවීමක්ද සහිතව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කඩිනමින් වැඩි කළ යුතු බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) රජය විසින් රනුග්ගේ වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කිරීමට හේතු මොනවාද?

3) ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව වැටුප් කොමිෂන් සභාව විසින් දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කොට වැටුප් වැඩි කිරීමට නිර්දේශ ලබා දී තිබේද? නොඑසේ නම් එම වැටුප් කොමිෂන් සභාවේ වාර්තාව ලබා දීමට අපේක්ෂා කරනු ලබන්නේ කවදාද?

4) 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ රජයේ සේවකයින්ට 2020.01.01 දිනට හිමිවන වැටුප පදනම් කරගනිමින් සිදු කොට ඇති විශ්‍රාම වැටුප් ගණනය කිරීම අනුව එම විශ්‍රාම වැටුප් ගෙවීම අත්හිටුවීම තුළින් විශ්‍රාමිකයින්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? එම අසාධාරණය කඩිනමින් නිවැරදි කිරීමට රජය විසින් කටයුතු කරනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

5) රජයේ සියලුම විධායක නිලධාරීන්ට ලබා දී තිබූ විධායක දීමනාව අත්හිටුවීම පිළිබඳව රජයේ ස්ථාවරය මෙම ගරු සභාවට පැහැදිලි කරන්නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img