රැඳවියන්් බැලීමට කන්දකාඩු ගිය කිසිවෙකුට කොරෝනා නෑ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය කිසිවකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව PCR පරික්ෂාවෙන් තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්රකාශ කරයි. මෙසේ PCRපරීක්ෂණයට ලක් කරන ලද පුද්ගලයින් සංඛ්යාව 114ක්වන අතර ඔවුන් කිසිවකුටත් korona වෛරසය ආසාදනය වී නොමැති බව මේ අනුව තහවුරු වී ඇත.






















