Thursday, September 24, 2026
HomeNEWSරිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉවත්වී තිබේ.

මෙම පෙත්සම් අද (28) විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් දැනුම්දුනි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජුනි මස 4 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා තමන්ට කල් අවශ්‍ය බවත් කෙටි විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් දන්වා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img