Friday, November 13, 2026
HomeNEWSරිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද...

රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත .

හෙට (08) දිනයේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා  පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත .

පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ  කථානායකවරයා  විසින් ලබා දුන් නියෝගය අනුව කටයුතු කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  ලිපියක් මගින් දන්වා ඇත.

ඊට අමතරව, බන්ධනාගාරගතව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතාව  පාර්ලිමේන්තුවට  කැඳවාගෙන ඒමට කතානායකවරයාගේ  නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා   වෙත  යොමු කර ඇත.

පවතින කොවිඩි  -19 තත්ත්වය කරණ කොටගෙන මෙම මන්ත්‍රීවරුන් දෙපළ ම පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ  දැනට රජය විසින් පනවා ඇති  සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක්  බවද ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවල වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img