Wednesday, July 15, 2026
HomeNEWSරුපියල් බිලියන 2200 ක අයවැය හිඟය පියවාගන්නේ කෙසේද?වජිර ප්‍රශ්න කරයි.

රුපියල් බිලියන 2200 ක අයවැය හිඟය පියවාගන්නේ කෙසේද?වජිර ප්‍රශ්න කරයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා බෙන්තර – ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති බෙන්තොට ප්‍රාදේශීය සභා හිටපු නියෝජිත හමුවකදී මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය• අයවැයේ තිබෙන රුපියල් බිලියන 2200 ක අයවැය හිඟය පියවාගන්නේ කෙසේද? ඒ ඉලක්ක සම්පූර්ණ කිරීමට ගන්නේ කුමන පියවරද? ඒ සඳහ ගතයුතු ක්‍රියාමර්ග කුමක්ද• වර්තමාන පාලන යන්ත්‍රය කතා කරන්නේ ඒ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය අමතක කරලා. මං හිතන්නේ ඔවුන්ට යුතුකමක් තිබෙනවා යමක් කළාම හරි දේ හරියි කියන්නත්, වැරදි දේ වැරදි කියන්නත්.• රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතියට අනුකූලව සකස් කරනු ලබන නිත්‍යානුකූල පාරේ ගමන් කිරීම නොදැන සිදුකළොත් බරපතල ඛේදවාචකයට මුහුණදීමට සිදුවෙනවා. ප්‍රධාන වශයෙන් අප කල්පනා කළ යුතු ප්‍රධානම ප්‍රශ්නය තමයි කොහොමද අයවැයක අයවැය හිඟය පියවා ගන්නෙ කියලා. උදාහරණයක් හැටියට මේ ඉදිරිපත් කරලා තිබෙන අයවැයෙහි, අයවැය හිඟය පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 2200 ක් අවශ්‍ය වෙනවා. එසේනම් ඒ හිඟය කෙසේද පියවා ගන්නෙ කියන එක මේ අයවැයෙහි පැහැදිළි දැක්මක් සහිතව ඉදිරිපත් කරලා නැහැ. උදාහරණයක් හැටියට ගත්තම වාහන ගෙන්වීමෙන් උපද්දන ආදායමක් ඇරුනම වෙනත් කරුණු පැහැදිළිව දැන ගැනීමට ලැබෙන්නෙ නැහැ. මම මගේ ජීවිතයේ දැකලා තිබෙනවා විරුද්ධ පක්ෂයේ, ආණ්ඩු පක්ෂයේ අය වැය 25 ක් විතර. මේ සෑම අය වැයක් ඉදිරිපත් කිරීමේදීම හොඳට මතක තබා ගත යුතු කාරණය තමයි අයවැය යෝජනා කොපමණ ඉදිරිපත් කර තිබුණත් ඒවායින් කොපමණ ප්‍රමාණයක් සාර්ථක වී තිබේද ? එහෙම නැතිනම් කොපමණ සුන්දර කතා තිබුණත්, ඒ සුන්දර කතා යථාර්තයක් බවට පරිවර්තනය කරගන්නෙ කෙසේද කියන අභියෝගය සියලු මහජන නියෝජිතයන් සතුව තිබෙන ප්‍රධානම අභියෝගයක් බව. එයින් තමයි ආණ්ඩුව සමත් වන්නේ සහ අසමත් වන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට ගත්තම උතුරෙත් ඩොලර් බිලියන ගාණක හානි නිදහසින් පසුව අවුරුදු 76 ක කාලය තුළ සිදුවෙලා තිබෙනවා. ඒ වගේම දකුණෙත් විශාල හානි සහ මහා වැඩ වර්ජන සිදුවෙලා තිබෙනවා.කොහොම නමුත් වර්තමානයේ එවැනි කණ්ඩායම් මේ රට පාලනය කිරීම තුළ රටට යහපතක් සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු විය යුතුව තිබෙනවා. ඒ කඩාවැටීම් ක්‍රියාදාමයක් නොමැතිව ඒ පිරිසත් මේ පාලනය සඳහා හවුල්වීම ඉතා වැදගත් පියවරක් හැටියටයි එක්සත් ජාතික පක්ෂය දකින්නේ. අපි ඒ වගේම මතක තබාගත යුතුයි. විශේෂයෙන් මගේ අතේ තිබෙනවා 2020 අයවැයේ දී ඉදිරිපත් කරපු කාරණය. 2015 අපි රට බාරගන්නකොට කාර්යාල කාර්යය සහායක අවම වැටුප තිබුණේ රුපියල් 11,726.00 යි. අපි නැවත 2024 දී රට බාරදුන්නේ කාර්යාල කාර්යයය සහායකයෙකුට රුපියල් 24,250.00 ක මූලික වැටුපක් සමගින්. ඒ වගේම අපි තවත් සුවිශේෂී කාරණා කිහිපයක්ම මේ රටේ මහජනතාව වෙනුවෙන් සිදුකළ. ඒ තමයි ගෑස්, පෙට්‍රල් සියල්ලෙහිම මිල වැඩිවී තිබෙන අවස්ථාවක 2015 ජනවාරි 08 වෙනිදා බාර අරගෙන දින 100 ක් ඇතුළත ඒ අයගේ සහන දීලා, ඒ ලබා දෙන සහන අයවැයට ඇතුළත් කරලා, කොහොමද ණය ගෙවන්නෙ සහ ණය ලබාගන්නේ කියන කාරණා දෙක සන්සන්ධනය කරලා තමයි මහජනතාවටත් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටත් සහන සැළසුවේ. දැන් උදාහරණයක් හැටියට හෙද උපාධිධාරීන් සහ ගුරුවරුන්ගේ මූලික වැටුප තිබුණේ 2015 දී රුපියල් 15,620 යි, ඔවුන්ගේ මූලික වැටුප අරගෙන ගියා රුපියල් 32,525 කට 2020 වෙනකොට. උදාහරණයක් හැටියට අවසාන වැඩිම වැටුප ලබන ලේකම්වරයාගේ මූලික වැටුප තිබෙුණේ 47,515 යි, ඒ වැටුප 2020 දී රුපියල් 98, 650 ට අරගෙන ගියා. වර්තමාන රජය ප්‍රකාශ කරලා තිබෙන පරිදි ගත්තොත් අපිට ඉතිහාසයේ අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ, වරක් මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට හිටපු නිසා මේ පිළිබඳව අත්දැකීම් සහ අවබෝධයක් තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයේ වැටුප් වැඩි කිරීමේ දී ගැටළුවක් ඇතිනොවන පරිදි වැඩිකරගැනීම සිදුකළ යුතුව තිබෙනවා. ඉතිහාසයේ වැටුප් කොමිෂන් සභා පැරණි වාර්තා සහ වර්තමානයේ මේ කියවපු අයවැය දිහා බැලුවම බරපතල අර්බුදයක් ඇතිවෙනවා කියන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් 2015 දී වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප තිබුණේ රුපියල් 34,595 යි. අපි ඒක වර්තමානය වෙනකොට රුපියල් 91,325 ක මුලික වැටුපට ගෙනිහින් තිබෙනවා. වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය දිහා බැලුවම එක පැත්තකින් වෛද්‍යවරුන්ට බදුවලින් සහනයක් ලබාදෙන ගමන් එහෙමත් නැත්තම් වැටුප්වල සුළු වැඩිකිරීමක් වැඩි කරනගමන් අනිත් පැත්තනේ එය නැවත එකතු කිරීමක් සිදුකරලා තියෙනවා. රජයේ සෑම වෛද්‍ය නිළධාරියෙක්ම ඒ පිළිබඳව අවධානය යොමුවෙයි මේ අවස්ථාව වෙනකොට. ඒ අයට බරපතල අසාධාරණයක් ඒ ක්ෂේත්‍රය මුල් කරගෙන සිදුවී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් බරපතල ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා යම් වැටුප් වැඩි කිරීමක දී ක්‍රමානුකූලව සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි එය සිදු නොවුණොත් එය මහා ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් අපි බලමු. රජය කියනවා එහෙම නැහැ කියලා. එහෙම නැතිනම් රට සාමකාමීව රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික යාන්ත්‍රණයත් දුවයි. හැබැයි අපි කියන එක සත්‍ය නම් ඒක වෙන විදියකට ක්‍රියාත්මක වෙයි.ඒ වගේම අපි මතක තබාගත යුතු ප්‍රධාන කාරණයක් තමයි 2022 මැයි මාසයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගන්නෙකඩාගෙන වැටුණු රටක්. එහෙම නැත්තම් අපේ සුපර් මාර්කට්වලට දර මිටි ආපු යුගයක්, ගෑස් පෝලිං, තෙල් පෝලිං, පොහොර පෝලිං, විදුලිය පැය 10 ක් 15 ක් කප්පාදු වෙන මහා අභියෝග ගණනාවක්. නමුත් තනි පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 සැප්තැම්බර් 21 වෙනිදා වෙනකොට මේ රට එතැනින් උඩට ගෙනවිත් තිබුණා. නමුත් වර්තමාන පාලන යන්ත්‍රය කතා කරන්නේ ඒ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය අමතක කරලා. මං හිතන්නේ ඔවුන්ට යුතුකමක් තිබෙනවා යමක් කළාම හරි දේ හරියි කියන්නත්, වැරදි දේ වැරදි කියන්නත්. එයට කවුරුවත් පැකිළෙන්න හොඳ නෑ. උදාහරණයක් හැටියට ගත්තම රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණු රටක්. නමුත් අද රටේ පෝලිං නැහැ. අද රටේ ආහාර ප්‍රශන්යක් නැහැ. අස්වැන්න ප්‍රශ්නයකුත් නැහැ. රටේ අරාජිකත්වයක් නැහැ. මැතිවරණත් නැහැ. ඒ අතරතුර කාලය තුළ මුකුත්ම මේ අවුරුදු දෙකහමාරෙදි වුනේ නෑ කියලා යම්කිසි කෙනෙක් පෙනී සිටිනවා නම් මං හිතනවා ඒක තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම. 2022 මැයි මාසයේ ඉඳලා 2024 සැප්තැම්බර් 21 වෙනිදා මේ වර්තමාන රජය බාරගන්නා අවස්ථාව වෙනකම් ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් තිබුණද ආණ්ඩුවක් තිබුණද මොනවද වුනේ මොනවද කළේ කිසිම දෙයක් වර්තමාන ආණ්ඩුවට මතක නැහැ. අර ප්‍රශ්න තිබුණ තැන ඉඳලා එක පාරටම සෞභාග්‍යමත් රටක් 2024 සැප්තැම්බර් 21 වෙනිදා පහළ වුනානම් එය මැජික් එකක් කියලා මං හිතනවා. ඒ වගේම රාජාසන කතාවයි, ප්‍රතිපත්ති ප්‍රකාශනයයි අතර බැලුවම කිසිම ගැළපීමක් පෙනෙන්ට නැහැ, මහජන පරාමාධිපත්‍ය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරපු ලියවිල්ල සහ වර්තමානයේ ක්‍රියාත්මක වෙන අයවැය රාමුව දිහා බැලුවම විශාල වෙනසක් පෙනෙන්නට තිබෙනවා. කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතියට අනුකූලව සකස් කරනු ලබන නිත්‍යානුකූල පාරේ ගමන් කිරීම නොදැන සිදුකළොත් බරපතල ඛේදවාචකයට මුහුණදීමට සිදුවෙනවා. රාජ්‍ය සේවකයන් හැටියට මුදල් අමාත්‍යංශය හැටියට සහ මහබැංකුව හැටියට ඔවුන්ට කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශන සහ රාජ්‍ය යාන්ත්‍රණයේ මිළඟ ඉලක්ක සම්බන්ධයෙන් ඔවුනට කළ නොහැකි කොටසක් තිබෙනවා. ඒ නිසා තමයි රාජ්‍ය යාන්ත්‍රණයත් දේශපාලන ප්‍රතිපත්ති සහ මහජනතාවගේ පරමාධිපත්‍යයෙන් ලැබෙන ඉලක්කත් සම්පූර්ණ කිරීම සඳහා ඒ දෙපාර්ශවයම එක පාරක යා යුතුව තිබෙනවා. උදාහරණයක් හැටියට මට පේනවා රාජ්‍ය යාන්ත්‍රණය පැත්තෙන් කළ හැකි වැඩ කොටස ඉදිරිපත් වී තිබෙනවා. නමුත් දේශපාලන යාන්ත්‍රණය පැත්තෙන්, කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදුකරන්නේ? ලෝක බැංකුවෙන් ලබා ගන්නා ණය සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයට දේශපාලන යාන්ත්‍රණයෙන් ලබා දෙන ඉලක්ක මොනවද ? ආසියානු සංවර්ධන බැංකුව එහෙමත් නැතිනම් චීන ආධාර, ඉන්දියානු ආධාර සහ ලෝකයේ ණය ආධාර ලබාදුන් සහ ණය ආධාර ලබාදීමට සිටින ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණයේ සහයෝගය ලබාදෙන බවක් මේ අයවැයෙන් ලබාදෙන බවක් අපට පෙනෙන්ට නැහැ.මේ අයවැය දිහා බැලුවම මට ශ්‍රී ලාංකික මහජනතාවට දෙයක් කියන්න පුලුවන්. ඒ දේ කිව්වම ශ්‍රී ලාංකික මහජනතාව අද මට බනියි. නමුත් හෙට මම කිව්ව දේ තේරුම් ගනියි. මේ නොගැලපීම මෙසේ ඉදිරියට ගියොත් මේ රට නියත වශයෙන්ම කඩා වැටෙනවා. මෙය අපි ප්‍රකාශ කරන්නේ, තරහකට, ක්‍රෝධයකට හෝ වෛරයකට නොවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කඩා වැටුණු අපේ රටේ බාරගෙන, එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට කවුරුන් හෝ කෙනෙක් පාර්ලිමේන්තුව තුළ නොසිටි පසුබිමක නව පනත් 92ක් පමණ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර එයිනුත් අයවැයට බලපාන නීතීරීති 20 කට ආසන්න ප්‍රමාණයක් සම්මත කරමින් රට ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. එදා ඒ නීතිරීතී වලට අකමැති වු පිරිස අද ඒ නීතිරීතී හරි යැයි පවසමින් ඒවා ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි ඔවුන්ට අගෞරව නොකළ යුතුයි. අපි එයට ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ යන මාර්ගය නිසි ලෙස අවබෝධ කරනොගෙන ඉදිරියට යාමට උත්සාහ කළහොත් මම හිතනවා රට බරපතල ඛේදවාචකයකට මුහුණදෙයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ අයවැය ලස්සනයි, අද දවසේ සතුටු විය හැකියි, නමුත් හෙට දවස ඉතාම භයානක විය හැකියි. විශේෂයෙන්ම මේ අයවැයේ තිබෙන රුපියල් බිලියන 2200 ක අයවැය හිඟය පියවාගන්නේ කෙසේද? ඒ ඉලක්ක සම්පූර්ණ කිරීමට ගන්නේ කුමන පියවරද? ඒ සඳහ ගතයුතු ක්‍රියාමර්ග කුමක්ද කියන එක අපැහැදිලි අයවැයක් ලෙසයි අපි මේ ගැන දකින්නේ. 1994 සිට විරුද්ධ පක්ෂයෙත්, ආණ්ඩු පක්ෂයෙත්, විශාල අයවැය ප්‍රමාණයක් මම කියවලා තියෙනවා. ඒවා සම්පින්ඩනයක් කරලා බැලුවොත් කියවී තිබෙන කාරණාවලින්, උදාහරණයක් හැටියට ලස්සන කතා ගොඩක් ලියැවෙනවා. ඒ කතාවලින් 100% ක් ක්‍රියාත්මකවීම සඳහා ඉලක්ක සම්පූර්ණ වී තිබේද ? මෙය අපේ පාලනයටත්, අනෙක් පාලනවලටත් සියල්ලටම බලපාන කාරණයක්. ඒ වගේම මං හිතනවා මේ අයවැයෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනා දුර්වල කරලා තිබෙනවා, ඒ අය දුර්වල වෙනවා කියන්නේ රටත් දුර්වල වෙනවා කියන එක. ඒ අයගේ ක්‍රියාකාරීත්වය වෙනත් අංශවලට යටත් කරනවා කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් සිදුවන බවයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා ශක්තිමත් කළ යුතුයි. ඒ අයට යම්කිසි අරමුණක් ඇතුව ඒ අයගේ නිදහස් චින්තනයන්ට මග පෙන්වීම සඳහා මේ අය වැයෙන් කිසිදු මාර්ගයක් පෙන්නුම් කර නොමැති බව ප්‍රකාශ කිරීමට කැමතියි. මං හිතන්නේ සියලු දෙනා ගණනය කරගත්තට කමක් නෑ. අවසන් වශයෙන් මං කියන්න කැමතියි 77 වසරක හොරුන් පාලනය කිරීමෙන්, එහෙමනේ සහතිකය දීලා තියෙන්නෙ. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරු ඔය, ඉඟිනිමිටිය කුඹුරු අක්කර ලක්ෂ 20 ක් විතර නගුලට යට කරපු විදුලිය මෙගාවොට් 1400 ක් තිබුණු එක මෙගාවොට් 4000 ක් දක්වා ගෙන ගියේ කිසිම අවස්ථාවක කිසිම දේපොළක් විනාශ නොකර ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග එකතු වෙලා මේ රටේ 77 වසරක් පාලනය කළ හොරුන් පොල්ගෙඩිය රුපියල් 100 තබා ගැනීමට සමත් වී තිබෙනවා. ලුණු පැකට් මහා සුනාමියක් ඇවිල්ලත් මිළ වෙනස් නොවුණා. 1977 න් පසුව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොට්ඨාශයකට මෝටර්සයිකලයක් දෙකක් තිබුණු සමාජය වෙනස් කරලා සෑම නිවසකටම මෝටර්සයිකලයක් තිබෙන සමාජයක් ඇති කරලා, පළමු ත්‍රී රෝද රථ 10 එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් මේ රටට හඳුන්වා දීලා අද මිලියන ගණන් ත්‍රී රෝද රථ දුවන තැනට පත්කර තිබෙනවා. අපි මේ රට බාරදෙන විට මෝටර්සයිකලයක් තිබුණේ ලක්ෂ 2.5 යි 3 යි, දැන් ලක්ෂ 7 යි 8 යි. ත්‍රී රෝද රථ තිබුණේ ලක්ෂ 10 යි දැන් ලක්ෂ 16 ත් 20 ත් අතර, මරුටි පොඩි කාර් එක ලක්ෂ 20 යි තිබුණේ දැන් ලක්ෂ 80 ක් වෙලා තියෙනවා. අන්න ඒ ගැන නිසි අධ්‍යයනයකින් පසුව තමයි රාජ්‍ය අංශයෙත්, පෞද්ගලික අංශයෙත් වැටුප් වැඩි කරන්න තිබෙන්නෙ. මේ තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 ජනාධිපතිවරණයට ප්‍රථම එතුමා ප්‍රකාශ කළේ එතුමා දේශපාලන අංශයට ලබා දෙන නායකත්වය ඔස්සේත්, රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ලබාදෙන නායකත්වය ඔස්සේත්, එතුමා බැලුවේ රාජ්‍ය අංශයේ වැටුප රුපියල් 25000 කින් වැඩි කරන්න. පොල් ගෙඩිය රුපියල් 100 යි වැටුප රුපියල් 25000 කින් වැඩි කරන්නයි එතුමා පියවර ගත්තේ. ‍කෙසේ නමුත් වර්තමානයේ පොල්ගෙඩිය රුපියල් 250 යි, ලුණු පැකට් එක රුපියල් 250 යි, ත්‍රී රෝද රථය ලක්ෂ 16යි, එසේනම් වැටුප් වැඩි විය යුතු ගණන ඕනෑම කෙනෙකුට ගණනය කළ හැකියි. කෙසේ නමුත් අපේ රටේ මහජනතාව රට පාලනය කළ හැක්කන්ගෙන් ගලවා වෙනත් පිරිසකට ලබාදී තිබෙනවා. එසේනම් අපිට හැකිවන්නේ මේ ගැන මහජනතාව දැනුවත් කිරීම පමණයි, මෙය තේරුම් කරගැනීම මහජනතාව සතුයි කියා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img