ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සඳහා කරුණු රැසක් හේතුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
ආර්ථික ක්‍රියාවලියේ සිදුවූ ඇතැම් ක්‍රියාකරකම් සමඟ එතෙක් ඩොලර් රඳවාගෙන සිටි පාර්ශව එම ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම එම තත්ත්වය ඇතිවීමට තවත් හේතුවක් බව හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම වසර අවසාන වනවිට ඩොලරයේ අගය යළි ඉහළ යාහැකි බවට ෆිච් රේටින් ආයතනය කළ පුරෝකථනය සම්බන්ධයෙන්ද මහාචාර්යවරයා අදහස් පළකළේය.
“ෆිච් රේටින් ආයතනය ඒ විදියට ප්‍රකාශ කළත් ලංකාව නිවැරදි ආකාරයට ආර්ථික කටයුතු කළමනාකරණය කළොත්, විදේශ විනිමය ඉපැයිම් ශක්තිමත් කළොත්, විදේශ ආයෝජනය අද්දවා ගැනීමට වහ වහා කර්යක්ෂම වුණොත් ලංකාවට හැකියාවක් තියෙනවා බලාපොරොත්තු වන ඒ ප්‍රකාශ කරලා තියෙන ආකාරයට රුපියල අවප්‍රමාණය වීමට තිබෙන ඉඩකඩ අහුරාලීමට. ඒ සඳහා අවශ්‍ය දේශපාලන වටපිටාව විශේෂයෙන්ම ජනතාව තමයි සකසා දිය යුත්තේ. “
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාල්ඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නොවන බවය.
“රුපියලේ අගය මේ වගේ ශක්තිමත් වීමට හේතු වුණේ ඩොලර් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් පාලනය කරලා සැපයුම නිදහස කරාට පස්සේ රුපියලේ අගය මේ ආකාරයට ශක්තිමත් වීමක් තමයි සිදුවුණේ. එවැනි අවස්ථාවක ඕනෑම රටක මුදලේ අගය ශක්තිමත්වීමක් සිදුවෙනවා. නමුත් එය දිගු කාලීනව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින්නේ නෑ. තව මාස දෙක තුනක් යනකොට ඉතා වේගයෙන් රුපියට කඩා වැටීමේ හැකියාවක් පවතින්න පුළුවන්.”






















